👑 Chapter 12 👑

762 123 270
                                    


💖  මොකක්ද.... ජු... ජුනී... ඔප්පා ඔයා ඒ කිව්වේ

🐨  ආරා.... මං... මං කිව්වේ මේ

___________________________________

🐼  ජුන් ඉක්මන් කරනවා. ඉක්මනට ආරාට ඇහිච්ච දේවල් එයාගේ ඔලුවෙන් මකලා දානවා.

ජින් හිමීට මගේ කනට කරලා කිව්වා. ඒත් මට තාමත් මොකක් කරන්නද කියලා හිතා ගන්න බෑ.

🐨  මො... මොකක්

🐼  ඉක්මනට කරන දෙයක් කරනවා. නැත්තං මෙතන වෙන්නෙ මොකක්ද කියලා දන්නවනේ.

🐨   ඒකත් ඇත්ත.

මම ඉක්මනට ආරා ගාවට ගිහින් ආරාගේ අත් දෙක අල්ල ගත්තා. පුළුවන් ඉක්මනට ආරාට ඇහිච්ච දේවල් අමතක කරලා දැම්මා. එකපාරට ආරා නිදාගෙන නැගිට්ටා වගේ මං දිහා බලාගෙන හිටියා.

💖    මේ මොකද මේ. මගෙ අත් දෙක අල්ලගෙන කන්න වගේ බලන් ඉන්නේ. මරන්නද හදන්නේ මාව.

🐨  ඔව් ඕව්. මරන්න තමයි හැදුවේ. මොකද මේ පැත්තේ.

💖  මම ආවේ කුකී ඔප්පව හම්බෙන්න.

යකෝ ආරාට කුකී එක්ක තියෙන රාජකාරිය මොකක්ද. හැමවෙලේම කුකී එක්කමයි. පොඩි එකා වුණාට ඕකා පොඩිමත් නෑනේ. ඕකගෙ වැඩ ලොකුයිනේ.

🐨  ඒ මොකටද

💖  නිකන් ඉතින් මට කම්මැලි නිසා.

🐯  කෝ අද ආරාගේ යාලුවෝ ටික

💖  යූරා ආවෙ නෑ. අනිත් අය ආවෙත් නෑ.

🐻  මං හිතන්නේ ටේට ඕනි උත්තරේ ලැබුණා.

ඒ පාර ටේ බුකෝගෙන අත් දෙකත් බැඳගෙන පැත්තකට වෙලා හිටියා. ඒත් එක්කම ජින් හියුන් උගුර පාදලා කතාවක් පටන් ගත්තා.

🐼   අඅඅ... ආරා ඔයාට ඔයා අප්පව මතක නැද්ද...

💖   ම්ම්ම්.... නැහැ. ඔම්මා කියලා තියෙනවා එයා නැති වෙන කොට මට අවුරුදු දෙකයි කියලා.

🐼  එහෙමද.... ඔයාගේ ඔම්මයි ඔයයි ඇරෙන්න වෙන කවුද ඉන්නේ

💖  වෙන කවුරුවත් නෑ ජින් ඔප්පා. අපේ ගෙදර තව හිටියේ අජුම්මා විතරයි.

You are my vampire queen | Completed |Where stories live. Discover now