👑 Chapter 5 👑

738 135 91
                                    


එකපාරට මම මගේ පුටුවෙන් වාඩි වෙනකොටම ඒ හුචක්කුව කඩාගෙන වැටිලා මගේ අතේ තිබ්බ ට්‍රේ එකේ තිබ්බ ඔක්කොම ටික අපිට පිටිපස්සේ මේසේ හිටපු කුමාරයයි කුමාරයාගේ යාලුවොයි ඔක්කොම කට්ටියගේ ඔලුව උඩට අහසින් පියාඹලා ගියා.

___________________________________

ලමායි.... මම දැන් කියන දේ හොඳට අහගන්න. වැම්පයර්ලාට තියෙනවා එකිනෙකාට විශේෂ වුණු බල. රාජකීය පවුලේ අයට ගොඩක් බලයන් තියෙනවා......

ඔය ඔය පිටිපස්සේම පේලියේ කෙරවලේ ඉන්න අලුතින් ආව ලමයා. මේක නිදා ගන්න වෙලාවක් නෙවෙයි. නැගිටිනවා....

ඔව්. ඔය සර් කෑ ගහන්නේ මට තමා. මට මේක මහ විකාරයක්. වැම්පයර් කෙනෙක් වුණා කියලා මේවා ඉගෙන ගන්නත් ඕනිද. මම නම් ආපු වෙලාවේ ඉඳන් ඩෙස්කුවට ඔලුව තියාගෙන හොඳට නිදා ගත්තා. සූහි මාව මල පාන්දර නැගිට්ටපු හින්දත් නිදි මතයි ඉන්න බෑ.

නැගිටින්න කිව්වාම නැගිටිනවා....

හත්තිලව්වයි තාමත් මං ඩෙස්ක් එකට ඔලුව තියාගෙනනේ ඉන්නේ. මං දඩිබිඩි ගාලා ඔලුව උස්සලා පුටුවෙනුත් නැගිට්ටා.

ඔය ලමයා එන්න ඉස්සරහට.

හරිනේ. ඉස්සරහට යන්න බෑ. මේ සර් කාරයාටත් තේරෙන්නේ නැද්ද මං පිටිපස්සෙම ඉන්න දීප්තිමත් ශිෂ්‍යාවක් කියලා.

මගේ ගාවම හිටපු අනිත් තුන් දෙනත් මාත් එක්කම යන්න නැගිට්ටා.

නිදාගෙන හිටපු කෙනාට විතරයි එන්න කිව්වේ. පවුල් පිටින් එන්න ඕනි නෑ. ඔය ලමයා එන්න මෙහාට.

දැන්නම් ඉතින් මට සර් කාරයව පේන්න බැරි තැනට වැඩ කරගන්නයි සර් හදන්නේ. ඒම උනොත් සර්ට විවිධ අපහසුතා වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. මම ඒවට පස්සේ වග කියන්නේ නෑ.

කමක් නෑ පලවෙනි දවස හින්දා අදට විතරයි කියලා හිතාගෙන හෙන ගැම්මෙන් ඉස්සරහට ගිහිම් සර් ඉස්සරහින් හිට ගත්තා.

මොකක්ද මේ ලමයගේ නම

💖 මගේ නම ආරා.

ආරා.... හ්ම්ම් ගිහින් ජන්කුක්ට එහා පැත්තේ පුටුවෙන් වාඩි වෙන්න. ඒ වගේ හොඳට වැඩ කරන ලමයෙක් ගාව තමා ඔය ලමයව තියන්න ඕනි.

You are my vampire queen | Completed |Where stories live. Discover now