👑 Chapter 14 👑

684 126 182
                                    

රෑ එකොලහමාරට විතර ආරාත් අනිත් අයත් නිදාගෙන හිටපු කාමරේ දොරත් වැඩිසද්දයක් නැතුව හිමීට ඇරගෙන ආවේ කලුම කලු පාටින් ඇඳගත්තු මූණත් වහගත්ත ඇස් දෙක විතරක් පේන මිනිහෙක්.

මෙලෝ සිහියක් නැතුව නිදාගෙන හිටිය ආරාටවත් අනිත් කාටවත් පුංචි සද්දයක්වත් ඇහෙන්න දෙන්නැති වෙන්න තරම් මිනිහා පරිස්සම් වුණා. හිමීට අඩි තිය තිය ගිය ඒ මිනිහා ලංවුණේ ආරාගේ ඇඳ ගාවට.

සාක්කුවකින් ගත්තු පොඩි රෙදි කෑල්ලක් ආරාගේ නහයට තියලා තද කරනකොටම ආරාගේ ඇස් ඇරුණේ හුස්ම ගන්න බැරුව දඟලනකොටමයි.

කොහොමහරි දඟලලා දඟලලා මිනිහගෙන් යන්තම් ගැලවිච්ච ආරා අනිත් අයටත් කෑ ගහන ගමන් ඒ මිනිහව අල්ල ගෙන පොරකන්න පටන් ගත්තා. ඒත් ආරාගෙන් බේරෙන්න දඟලන මිනිහා ආරත් එක්ක පොරකන ගමන්ම සාක්කුවකින් ඇදලා ගත්තු පිහියට බිම පෙරලි පෙරලි පොර අල්ලපු ආරාගේ බඩ කැපිලා ගියා.

අනිත් අයත් සද්දෙත් එක්ක නිදිමතේම නැගිටලා එනකොට ඒ මිනිහා කළු පාට දුමක් එක්ක අතුරුදහන් වෙලා ගියා. අනිත් අය කොහොමත් ඒ මිනිහා ගැන හොයන්න ගියේ නැත්තේ ලේත් පෙරාගෙන බිම වැටිලා හිටිය ආරා නිසා.

🌼  ආරා....

සූහි දුවගෙන ගිහින් බිම හිටපු ආරාගේ ඔලුව ඔඩොක්කුවෙන් තියා ගත්තා.

💖  සූ... සූහි... අනේ... ඔම්මට මේක.... කියන්න එපා...

🌼  ආරා මුකුත් වෙන්නෑ බය වෙන්න එපා.

අර මිනිහා ආරාගේ නහයට තද කරපු ලේන්සුවේ තිබුණු සැර බෙහෙතත් ආරාගේ තුවාලෙත් නිසා ආරාට සිහිය නැති වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

🌼  චන්යොන්... ඔයාලා ගිහින් ඉක්මනට කාව හරි එක්කගෙන එන්න...
යූරා යූනා... ඔයාලා දෙන්නා ඉක්මනට මේක ජුන් ඔප්පලට කියන්න. යන්න දැන්මම.....

🌸  හ... හරි... යූමී හායූන් ඉක්මනට එන්න.

චන්යොනුයි අනිත් දෙන්නයි කාවහරි එක්කගෙන එන්න යනකොට යූරයි යූනයි දුවගෙන ගියේ නම්ජුන්ට මේ ගැන කියන්න.

(ඇයි නම්ජුන්ට කියන්නේ🌝)

ඒත් මගදි හම්බෙච්ච නම්ජුන්ගෙයි අනිත් කට්ටියගෙයි ආරක්ෂාවට හිටපු කෙනෙක්ට විස්තරේ කියලා යූරයි යූනයි ආපහු එයාලගේ කාමරේට දිව්වා.

You are my vampire queen | Completed |Where stories live. Discover now