👑 Chapter 18 👑

Start from the beginning
                                    

💖  ඔයාට හොඳටම විශ්වාසයිද.

අනිවාර්යයෙන්ම... මට හිතෙන්නේ එයා හදන්නේ ඔයාවත් අයින් කරලා දාන්න.

💖  මාව.... ඒ මොකටද.... අනික එයා මට ගොඩක් ආදරෙන් වගේ ඉන්නවනේ.

ඔයා මනුස්සයෙක්ගේ දුවෙක්. ඒ වුණාට ඔයාට ඔයාගේ ඔම්මගේ බලය සම්පූර්ණයෙන්ම හම්බෙලා තියෙනවා. ඒ වගේම ඔයාටත් නම්ජුන්ටත් වඩා අයිතියක් තියෙනවා. දැන් කිම් සූ බය වෙන්නේ ඔයා ගැන වෙන්නැති. ඔයා නිසා නම්ජුන්ට හැමදේම නැති වෙයි කියලා එයාට බය ඇති. ආදරෙන් වගේ හිටියට ඒකයි මම කියන්නේ ගිය පාර ආව මිනිහත් එයාගේ කෙනෙක්මද දන්නෑ කියලා.

💖  ඒක වෙන්න බෑ. කොහෙත්ම නෑ. මගෙ ඔම්මා මගෙ ඔම්මම තමා. නම්ජුන් ඔප්පගේ අප්පා ඔයා කියන විදියේ දෙයක් කරලා නෑ.

මම කියාගෙන කියාගෙන ගියේ මගෙ කම්මුල් දිගේ කඳුලු බේරෙද්දී. කොහොමත් ඒවා නවත්තන්න උවමනාවක් තිබ්බේ නෑ මට. ඊට වඩා හිතන්න ගොඩක් දේවල් මේ වෙනකොට මගෙ ඔලුවේ තිබුණා. මේ දේවල් පිලිගන්න බෑ කියලා මගෙ හිත කෑ ගහනවා. ඒත්.... ඒත්....

මම දන්නවා ඔයාට විශ්වාස කරන්න අමාරුයි කියලා. ඒත් ඒක තමයි ඇත්ත. තවත් මේවා හංගගෙන හිටියොත් ඔයා දන්නෑ ඔයා කාගෙන්ද පරිස්සම් වෙන්න ඕනි කියලා. ඒ නිසා  පරිස්සම් වෙන්න ආරා.....

මට තවත් එතන ඉන්න ඕනි කමක් තිබ්බේ නෑ. මම කලේ අඬ අඬම ආයෙත් මැන්ෂන් එකට දිව්ව එක.

මට මං ගැනම ලැජ්ජ හිතුණා. අඩුම තරමේ..... අඩුම තරමේ මට ඔම්මවත් නැද්ද.... මම කාත් කවුරුවත් නැති අනාථ කෙල්ලෙක්ද එතකොට. පලවෙනි වතාවට මේ ලෝකේ මම තනි වෙලා කියලා මට හිතුණා. මම තනියම ලොකු කූඩුවක් අස්සේ හිරවෙලා වගේ මට තේරුණා.

මැන්ෂන් එකට දුවගෙන ආපු මාව එකපාරටම හැප්පුණේ හොබී ඔප්පගේ ඇඟේ. ඒ තත්පරේම කඳුලු වලින් තෙමිලා තිබ්බ මගෙ මූණ හොබි ඔප්පා දකින්න ඇති.

🐻  ආරා...

ඒත් මම එතන නතර වෙන්නේ නැතුව කෙලින්ම ජුන් ඔප්පගේ කාමරේට දුවගෙන ගිහින් කාමරේ ලොක් කරගත්තේ කාටවත් ඇතුලට එන්න බැරිවෙන්න. මට ඕනි වුණේ තව තනිවෙන්න.

You are my vampire queen | Completed |Where stories live. Discover now