👑 Chapter 13 👑

Bắt đầu từ đầu
                                    

🌷  ඒක මං යූනගේ ඇඳ උඩ තිබිලා හදිස්සියට ඇඳගෙන ආවේ...

එහෙම කියපු යූරා එතනින් දුවගෙන ගියේ කට්ටියට මේක කියලා යූනව නැති කරලම දාන්න හිතාගෙන මහ කපටි හිනාවකුත් කටේ ඇඳෙද්දී. යූරා දුවගෙන යන දිහා බලන් හිටපු යුන්ගි එයාටම හිතින් බැන බැන ටේ දිහාට හැරුණා.

😺  ටේ මට සමාවෙන්න. මම ටිකක් කලබල වුණා

🐯  මට තාමත් හිතාගන්න බෑ හියුන් කෙල්ලෙක්ට ආදරේ කරනවා කිව්වම

ටේ බඩත් අල්ලන් තාමත් හිනා වෙවී කියද්දී යුන්ගිව රතු වෙලා ගියා.

😺  මේක කාටවත් කියන්නෑ හරිද. කියලා තිබ්බොත් මං බලාගන්නම්.

ඒත් ඒකටත් ටේ ගේ උත්තරේ වුණේ හිනාව විතරයි.

................................................................................

යූරා දුවගෙන දුවගෙන ගිහින් කාමරේ දොර අරිද්දී එතන එක විකාරයයි. ආරයි සූහියි යූනයි චන්යොනුයි යූමියි හායූනුයි සෙට් එකම බිම පෙරලි පෙරලි ගහ ගන්නවා.

🌹  කියනවා.... තමුන්ලා නේද මගෙ ඇඳ උඩ තිබ්බ ජැකට් එක ගත්තේ. ඒක යුන්ගි ඔප්පා දීපු ජැකට් එක.... කොහෙද ඒක හැංගුවේ කියනවා.

🌸  කී පාරක් කිව්වද ඕයි.... අපි ගත්තු තමුසෙගෙ ජැකට් එකක් නෑ.

🌹  එහෙනම් කෝ ඒක....

එතකොට තමා සෙට් එකම යූනගේ ජැකට් එකත් ඇඳගෙන දොරත් ඇරගෙන එයාලා දිහා බලාගෙන ඉන්න යූරව දැක්කේ.

යුන්ගි එයාට දීපු ජැකට් එක යූරා ඇඳගෙන ඉන්නවා දැක්කා විතරයි යූනා හායූන්ගේ ඇඟ උඩින් පැනලා ගිහින් යූරව බදා ගත්තා.

🌹  අනේ මගේ ජැකට් එක..... එයා ආපහු ඇවිත්.... මේ බලන්නකූ....

🌷  මං හිතුවේ මාව බදාගත්තා කියලා

🌹  ඊට වඩා හොඳයි නොම්මර එකේ පිස්සෙක් බදාගන්න එක.

යූනා ජැකට් එකත් බදාගෙන සෙට් එකම දිහා බලද්දී යූනට බලා ගන්න පුළුවන් වුණේ හිටපු විදියටම බිම පෙරදිලා කම්මුලටත් අත තියාගෙන යූනටයි යූරටයි දෙන්නටම ඔරවගෙන ඉන්න සෙට් එකක්.

You are my vampire queen | Completed |Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ