72. ප්‍රසිද්ධ රහසක්...🐰🦁

518 102 115
                                    

❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

නොසිතූ අයුරින් දෛවය වෙනස් වී තිබුණි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නොසිතූ අයුරින් දෛවය වෙනස් වී තිබුණි. සියල්ල හොඳින් සිදුවේ යැයි විශ්වාස කළ නොහැකි අතීතයක සිට කුඩා අවදියේ වෙන්ව ගිය ආදරය කුමක්දෝ හේතුවකට ඊබෝගේ හදවත සොයාවිත් එක් වහලක් යටම නතරවීම ම ඔහුව බොහෝසෙයින් පුදුම පත්කර තිබුණි...

චොන්චිං ගොස් පැමිණෙන විට තමාගේම වහලය යට සිදුවී තිබූ අපූර්වතම වෙනස ඊබෝ හදවතින්ම වැළඳගත්තේය... දැන් ඔහුගේ ආදරණීය හදවත තමාගේම ඇස් මානයේ තබාගෙනම රැක බලා ගැනීමට දෛවය පාර කියා ඇත.

ඉතින් ඊබෝ පාසල බලා ශාන් සමඟ පියඹා ආ තැන පටන් දවස පුරාම ගතකළේම සතුටින් හිත පුරවාගෙනය..

පාසල නිමා වී අමතර නර්තන පුහුණුවීම් වලටත් රැඳී සිට පැමිණ අඩ හෝරාවක් ගත වූවත් ඊබෝ තම දඬුමොණරය මතට වී දුරකතනයට එබීගෙන සිටියේ ශාන් තවමත් පාසල ඉදිරිපිටට නොපැමිණී නිසාවෙනි.

ශූයන්ගෙන් සහ චෙන්ගෙන් එල්ලවූ විහිලු තහලුවෙන් දවස ගෙවී ගියද ඔහුට ශාන්ව දැකගන්නට ලැබුනේ දවසටම එක්වරක් පමණි... එයත් යාන්තමින් ශාන් රැදී සිටි විද්‍යාගාරයේ ජනේලයෙනි... ඒ ලද අවස්ථාවේදී ජනේලය අසලට රිංගාගත් ඊබෝ අත දිගහැර ෆ්ලයින් කිස් එකක් දී පැනගත්තා මිස දවල් කෑම වේලටවත් ශාන්ව අල්ලා ගැනීමට ඊබෝට නොහැකි විය. ඒ තරමට මේ දින කිහිපයම ශාන් කාර්යබහුල වී තිබුණි...

"මගෙ හා පැටියා තාම නෑ..."

කියා සිතමින් ඊබෝ ශාන්ගේ වෙයිබෝ ගිණුම පුරා එහෙ මෙහෙ යමින් සිටියේ තම මිතුරන්ද මගහරමිනි.

ඔහුට ඕනෑ කළේ නිදහසේ මොහොතක් ඔහු හා තුරුලු වන්නටය

"අන්න... අන්න.... ඊබෝ.... හී.හී...හී... අනා බෝ ගගා... කියූට් අයියෝ....."

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now