67. මිතුරු තොමෝ.. (බෝනස්)🥰

299 93 45
                                    

🖊ඔන්න කිව්වා වගේම බෝනස් දුන්නා.😜

🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

"ඒ කියන්නේ හාවා උඹව අඳුරගත්තේ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඒ කියන්නේ හාවා උඹව අඳුරගත්තේ නෑ..."

පෙරදා හැන්දෑවේ ශාන්ව බිල්ලෙක් මෙන් ඇඳගෙන apartment එකට ඇරලවූ ආකාරය ඊබෝ විස්තර කර අවසන් වනවාත් සමඟම ශූයන් පුදුමයෙන් මෙන් ඇසුවේය...

"අඳුරගන්නේ කොහොමද බය වෙලා හිටියේ බං... පව් මගෙ බනියා..."

"එතකොට බයික් එක..."

"යමහ එකෙන් ඇරලුවෙ බං... මේකෙන් නෙමෙයි... මං බයේ හිටියේ පර්ෆියුම් එකෙන් අහුවෙයි කියලා.."

"පව් යකෝ... දැන් ඇන්දුවා ඇති නැද්ද... ටෝව කාවී දැනගත්ත දාට..."

"තව ටික දවසක් බලමු සපත්තුවෝ... ඊට කලින් මං ටෝව කන්නේ...."

"සපත්තුවා....??? මාව.....????"

"නැත්තම්... ටෝ සපත්තුවා තමයී... මං ටෝව අල්ලගන්න හිටියේ... ඔහොම හිටපන්.....ටෝ ටෝ ටෝ..."

ශූයන් ඇඳ මත වාඩි වී සිටියදී ඊබෝ නැගිට තම පසුම්බිය සාක්කුවෙන් ගෙන නැවතත් ඇඳ මත පහසුවෙන් ඉඳ ගත්තේය. ශූයන් දෑස් ලොකු කරගෙන බලාහිඳ ඒ හා සමානව කටත් ඇර ගත්තේ ඊබෝ අතට ගත් කාඩ් පත දැකීමෙනි.

"ආ... දැන් කියපන් කතාව... කොහෙන්ද ටොට මේක.... කෝ...හේ...න්ද මේක..."

ශූයන් සද්ද නැත...

"දැම්මා නේද මගෙ සපස්ස්තුවට... කියපන් කටේ චීනප්පිට්ටුද..."

ශූයන් තත්බීරි ගැහුනේය. වෙන් සන් කිව්වා වගේම ශේප් එකේ කියන්න බැලුවට ඊබෝගේ මවාගත් මුහුණ දැක්ක ශූයන්ට උන් හිටි තැන් අමතක විය.

හැම දේටමත් වඩා මේ ඔවුන් අතර මිත්‍රත්වය අභියෝගකට ලක්වෙන අවස්ථාවක් බව ශුයන් තේරුම් ගත්තේය. ඔහුගේ පිහිටට චෙන් වත් ශින් වත් අහලකවත් නැත. ඊබෝ බලා හිඳිද්දිම ලොකු කරගත් මූණ කට කජු ලෙල්ලක් මෙන් ඇඹරී ගියේය...

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now