46. නුඹේ ළඟින්... 🐰🦁

391 131 64
                                    

❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

    වටපිටාව කොතෙකුත් බැලුවද ශාන්ට තම බෑගය සොයාගන්නට නොහැකි විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

    වටපිටාව කොතෙකුත් බැලුවද ශාන්ට තම බෑගය සොයාගන්නට නොහැකි විය. නමුත් ඊට කලබල නොවූ ඊබෝගෙ මුහුණට ආ සිනාව නිසා ශාන් ටිකක් පුදුමෙන් ඊබෝ දෙස බැලුවේය.

"මොනාද අනේ බෝ බෝ.... මෙතන අපේ බෑග් නැතිවෙලා.... ඔයාට හිනා...." ශාන් මදක් රවමින් කීවේය අල්ලා සිටි අත රිදෙන්නම තද කරමිනි. නමුත් තවමත් ඊබෝ සිනාසෙයි...

" ඒ.... මගේ බනී මැණික... ඔහොම්ම ම  ටිකක් බලන්නකො අර පැත්ත..."

ශාන් වටපිට බැලුවේය. නමුත් ශාන්ට නවතා තිබූ වාහන සමඟ සිටි පිරිස අතර විශේෂ දෙයක් ඇස නොගැටුනි. ශාන් තවමත් සොයන්නේ තමාගෙ හා ඊබෝගේ ගමන්මලු දෙකය. අත්‍යාවශ්‍ය ලියකියවිලි සහතික ID Passport පවා සහිත වූ බෑග් එක මෙලෝ සිහියක් නැතුව අතැර ගිය අයුරු මතක්වී ඔහුගේ පපුව හෝස් ගා ගියේය. ඔහු හිසද කසමින් වටපිට බැලුවේය. ඒ ගතවූ තත්පරේට දෙකට පවා ඒවා යලි ලබාගැනීමට කන්නට සිදුවෙන කට්ට ගැන ශාන්ට සාධාරණ කණගාටුවක් ඇතිවිය...

"අයියෝ.... මූණ එල්ලගනනෙපා ඉතින්.... ඉන්නකො ඔහොම..."

ඊබෝ දුරට අත වැනුවේය. පසුව ශාන්ගේ  අතින් ඇදගෙන මදක් මාර්ගයේ ඉදිරියට ගියේය. 

"නගින්න මැණික..."

දෙදෙනා අසල නතර කළ නවීන පන්නයේ මෙරුන් පැහැති මෝටර් රථයේ පිටුපස දොර හැර ඊබෝ ශාන්ට ඊට ගොඩවෙන ලෙස ආරාධනා කළේය..

 දෙදෙනා අසල නතර කළ නවීන පන්නයේ මෙරුන් පැහැති මෝටර් රථයේ පිටුපස දොර හැර ඊබෝ ශාන්ට ඊට ගොඩවෙන ලෙස ආරාධනා කළේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now