61. එකම හදකට බැඳුණු හදවත් ❤️

319 95 107
                                    

❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

ශිචෙන්ගේ මූණ ඒ තරම් හොඳක් පේන්න නැති උනත් මව අහල පහල සිටි නිසා නිහඬවම ඊබෝ රෑ කෑම ගත්තේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශිචෙන්ගේ මූණ ඒ තරම් හොඳක් පේන්න නැති උනත් මව අහල පහල සිටි නිසා නිහඬවම ඊබෝ රෑ කෑම ගත්තේය... පසුව මිදුලේ බංකුව මතින් දෙදෙනාම ඉඳ ගත්තේය...

"හා දැන් කියන්න.... හොර කොටියා වගේ ජුවලරි ෂොප් එකට රිංගපු තැන ඉඳන් කියමුකො බලන්න...."

"ආහ්...???!"

"අහ් නෙමෙයි... මට නොකියන දේවලුත් තියෙනවා නේද... දන්නවද ෂොප් එකේ එකා මගේ යාලුවෙක් බව..."

ඊබෝ සිනාව සඟවා ගත්තද ශිචෙන් විදුලි පහන් කණුවේ පිහිටෙන් ඊබෝගේ ඉරියව් සියල්ල හඳුනා ගත්තේය... ශිචෙන් කට කොනකින් සිනාසුනේය.

"හිනාව නම් ගොඩක් දේවල් කියනවා වගේ... ඒ කියන්නේ උඹලා....???"

ඊබෝ යාන්තමින් හිනාව සඟවා ගන්නට උත්සාහ කළත් තම සොයුරාගේ පුංචිම පුංචි හැසිරීමක් වුනත් හොඳින් දැනෙන ශිචෙන් අයියා එය දැක තවත් වරක් මුහුණට එබුනේය.......

"කෝ උත්තර..."

"මෙන්න උත්තර...."

ඊබෝ ශිචෙන් දෙසට තම සුරත දිගුකළේ එහි වූ මුදුව ඔහුට පෙනෙන ලෙසටයි.... ශිචෙන් ඒ අත අල්ලාගෙන එහාට මෙහාට කරකවමින් බැලුවේය.

"මේක මං කලින් දැකලා තියෙනවනේ... මේ ඔය කරේ තිබ්බ රින්ග් එකනේ..."

"හ්ම්ම්.... මෙච්චර දවසක් ඒක තිබ්බෙ කරේ තමයි... දැන් ඉඳන් ඒක තියෙන්නෙ අතේ... එයා ඉන්නෙ හිතේ..."

"වා....වා....වා.... කෝමද කොල්ලා දියුණු වෙච්ච පාර... අයියාටත් කළින් වැට පැන්නා එහෙනම් නේහ්..."

"පැන්නා පැන්නා... හොඳටම පැන්නා...."

"නෑ..... බොරු... යකෝ තොට වයස කීයද..."

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now