45. ඉක්මනට එන්නකෝ... 🐰❤️🦁

369 134 68
                                    

❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

" චූටි අයියා...."

කාමරයට නොකියාම දුව ආ බට්ටි ඇඳ උඩට පැන්නේ ඊබෝ බිය ගන්වමිනි.

"මොකද මේ... නිදාගන්නැද්ද....???"

"ම්ම්ම්හුම්ම්ම්... ඔයාට සිදෙනවද චූටි අයියා..."

"නෑ බට්ටියෝ.... දැන් හරි..." ඊබෝ බට්ටිගේ අතින් අල්ලන් ඇඳ ළඟ දන ගසාගත්තේය.

"වා.....ව්.... මේ බනී බෝනික්කා මටද..."

" අනේ... ඔයාට ඇත්ත එක්කෙනෙක් ඉන්නව නේ බට්ටියෝ... මෙයා මගේ..."

"අනේ චූටි අයියා... හරිම ලස්සනයි එයා..."

"ඔව් එයා හරිම ලස්සනයි... ඔයාගේ අයියා බනී වගේම නේද..."

"ඔව්නේ.... උම්මා...."

"හා... හා.... එයාට උම්මා දෙන්නෙ ඔයාගෙ අයියා චූටි විතරයි ඔන්න..."

"හා හාකෝ ඉතිම්ම්ම්... අයියා... චූටි වැඩක් කරනවද...."

"මොකක්ද...?"

"අයියා බනීට call එකක් ගම්මු ඕකෙන්...."

"මේකෙන්...???" ඊබෝට කිසිත් කරකියාගත නොහැකි විය.

"ඔව්.... ඕකෙන්..."

"කියන්න බලන්න Number එක ඒනම් මගෙ චූටි බට්ටි..."

බට්ටි මතකෙන්ම Number එක කියාගෙන කියාගෙන ගියේය.

" ආ අමතක උනානේ... මේකේ බිල කපලනෙ බට්ටියේ... ඉන්න අනිත් එකෙන් ගම්මු..."

ඊබෝ දුරකතනය බට්ටිට නොදීම ලාච්චවට දාමා එයාගෙ අනෙක් ස්මාර්ට් දුරකතනය මත අංකය සටහන් කළේය. කටත් උල් කරගෙනම ඒ දෙස බලන් ඉන්න බට්ටිගෙ අතට ස්පීකර් ඔන් කර දුරකතනය දී ඊබෝ පිටුපසින් වාඩිවිය. එහාපසින් ඇමතුම හා සම්බන්ධ වනතෙක් ඊබෝ ඇයගේ කොන්ඩ කරල් දෙක උඩට එකතු කර ගැටගසා සිනාසුනේය.

"හෙලෝ..."

බට්ටි, අයියා බනීගේ කටහඩ ඇහුන සැනින් හිකි හිකි ගා සිනාසිනි. ඊබෝද ඇය පිටුපසින් හිඳ නිකට අතත් තබ එයින් ම කටත් වසාගෙන සිනාසුනි.

Hellow Bunny - Yizhan FF - Peter Pan story Where stories live. Discover now