18. මගේනේ....❤️🐰🥰🦁💚

664 167 74
                                    

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

තවත් හෝරා දෙකක් පමණ ගත වෙද්දී ශාන්ගේ දුරකතනය නාද වුනා. දෙන්නගෙම එකම Ringing Tone එක නිසා මාරු වෙලා ඊබෝ ඊට පිළිතුරු දුන්නා...

"හෙලෝ... කවුද? " ඊබෝ නිදිමතේම කතා කළා
"හෙලෝ... හෙලෝ....ආ....මොන ලී???

"කවුද මැණික.. කතාකරන්නේ..."

"කෙල්ලෙක්... කව්ද ලීලූ...."

එසේ කියා ඊබෝ cut කරා....
නැවතත් දුරකතනය වාදනය වුනා.. ඊබෝ එය ගත්තා....

" හෙලෝ.... හෙලෝ.... මොන ලීද අනේ.... මේ ලී මෝලක් නෙමෙයි...
......
ආ.... මොකක්ද??? යාන්ලී..."

"යාන්ලී???????!!!!!!!!.... මල තොප්පියයි...."
යාන්ලි කොහොමද පපීව දන්නේ

" එයී බෝ බෝ call එක මට "

" ආහ් ඔයාට, phone එක . . " ඒක ශාන්ගේ phone එක කියලා ඊබෝට තේරුණා ඒත් ශාන්ට දුන්නෙ නෑ

" කව්ද යාන්ලි ? මොකටද උදේම කතාකරන්නේ ? කවුද යාන්ලි "

" ඒයි දෙනවා මැට්ටො phone එක ."

" බෑ... ඉන්නව ඔහොම... මං බලන්නං " ඊබෝ phone එක කනේ තියාගත්තේ ශාන් phone එක උදුරද්දී

" හෙලෝ කව්ද මේ ? ඇයි ශාන්ට කතා කරන්නේ ? මොකද්ද උවමනාව " ඊබෝට ඇහුනේ ඒ ගැනු ළමයා හිනාවෙනවා විතරයි .

" ඔයා කව්ද ? මං එයාගෙ Girlfriend " ඊබෝගෙ ඇස් උඩ ගියා

" Girlfriend? මිස් මේ.... ඔයා කව්රු උනත් මට වැඩක් නෑ මිස්.. ශාන් කියන්නේ මගේ Boyfriend , තියනවා හලෝ phone එක " ආයෙමත් එහා පසින් හිනාවෙනවා

" මේ හිනාවෙනවා phone එක තියලා . ආයේ මේකට ගන්න එපා "

" ඒයී... ඒයී මල්ලීයෝ මට ශාන් මල්ලිට කතාකරන්න දෙන්නකෝ " ඊබෝ රත් වුණා . ඊබෝගේ කන්දෙකත් එක්ක රතුවුණා. ශාන් මල්ලි කියල ඇහුන ගමන් ඊබෝට තේරුනා වැඩේ වැරදුන බව. ශාන් කට කොනකින් හිනාවෙවි ඉද්දි ඊබෝ සද්ද නැතුව ශාන්ට phone එක දුන්නෙ ඇස් දෙකත් ලොකු කරගෙන. . ශාන් Speaker on කරා .

" හෙලෝ අක්කේ " ඊබෝ අතකුත් නලළට ගහගත්තේ කටත් ඇරගෙන.

" කව්ද මැණික... කතාකරන්නේ... , " යාන්ලි ශාන්ගෙම වචනවලින් පටන්ගත්තේ හිනාවෙවී

Hellow Bunny - Yizhan FF - Peter Pan story Där berättelser lever. Upptäck nu