51. හීනයක්ද මේ... ❤️🌹🥰💚

305 120 54
                                    

🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

     චමත්කාරජනක මල් යායක් මැද තියෙන තරමක ලස්සන පැරණි නිවස දැක්කම කාටද කට ඇරෙන්නෙ නැත්තේ... කොල්ලා හෙමින් හෙමින් ඒ හැම තැනම තම දෑසට තියා අල්ලගන්න උත්සාහ කළා. යායටම තියෙන රෝස මල් යායත් ඒ එක්කම තියෙන ලිලී මල් යායත්.. උස පයින්ස් ගස් දෙක තුනත් ඒ අතරම තියෙන පුංචි ලස්සන බෙන්ච් එකත් ඊබෝ දැක්කේ පුරුදු සිහිනෙක රූප පෙළක් වගේ තිබුණා.. ඒ දිහාම බලාගෙන ඊබෝ ශාන්වත් පහු කරගෙනම ඉදිරියට ගියා.

ඉදිරියටම ගිය ඊබෝ නැවතුනේ ටිකක් බෑවුමත් එක්කම තිබුන ලස්සන මල් වැටක් ළඟ. මල් වැට අල්ලගෙනම ඒ කඳු යායම දිහාත් කඳු මත දැවටෙන මීදුම දිහාත් බලාගෙන ඔහු ලොකු හුස්මක් ගත්තේ ඒ පරිසරයේ තිබූ සුන්දරත්වය එක හුස්මටම හදවතේ නතර කරගන්නට වගේයි... ඒ දැනෙන සැහැල්ලුවත් එක්කම මේ දැනෙන හුරු පුරුදු හැඟීම වචනෙන් කියන්න බැරි තරම් ආදරණීය නිසාම ඊබෝ එතැනම ඉඳන් වටේටම කැරකුනා...

තරමක පැරණි සාම්ප්‍රදායික නිවසත් මේ මල් යායත් ඊබෝට හුස්ම තරම් හුරු බවක් එක් කළා... තට්ට තනියම හැම තැනම මතක ඇහිඳින්නට පටන් ගත්තත් ඊබෝ වටපිට බලද්දි ශාන්වත් බින්වත් යුවාන්වත් පේන්න හිටියේ නෑ... ඒත් ඊබෝ එතැනම ඉඳගෙන තනියම ම ඒ ලස්සන මොහොතක් විඳගත්තා... හමන සීතල සුළගත් මේ මතකයට එන මතක පෙළත් ඊබෝගේ ගතත් සිතත් හිරිවැට්ටුවේ ආදරණීය හැඟුම් වරුසාවක්ම හිත ඇතුලේ තෙමා වැටෙද්දියි...

'මට මේ හැම තැනක්ම හරිම පුරුදුයි... හරියට මේ හැම දේම මං කලින් දැකලා තියෙනවා වගේ... අර ගෙදර... අර මල් යාය.. මේ මල් වැට.... මේ ගස් කොලන්... අර පාර... මේ ඔක්කොම මං දැකපු හීනයක්ද... මට මේ සුවඳ හරි පුරුදුයි...'

'බනී... ඔයා කොහේද... අනේ මට පිස්සු වගේ මේවා දැක්කම... මට හරි බයයි මං ඉන්නේ මේ හීනෙකද...'

ඊබෝ තනියම හිතමින් මුහුණ වසාගත්තේ මේ හැම දේම පියාගෙනත ඉන්න දෑස් තුළත් එහෙ මෙහෙ දැවටෙද්දියි... ඒ හැම තැනකම ඊබෝ දැක්කා එයා පුරුදු ලෝකෙක තනිවෙලා ඉන්නවා වගෙයි... නමුත් තවත් ටිකක් ඒ හිතපුරාම බලද්දි තවත් කෙනෙක් ඊබෝගෙ හිත ළඟින්ම ඉන්න බව ඔහුට දැනුනා... ඒත් ඒ කව්ද කියන්න මූන නොපෙනුනත් මතක් වෙන්නේම එයාගේ පුංචි අයියා බබාවයි...

Hellow Bunny - Yizhan FF - Peter Pan story Opowieści tętniące życiem. Odkryj je teraz