👑 Chapter 9 👑

Start from the beginning
                                    

🐨  ඒක.... කොහොමද ඔයා මෙයාලව....

💖  ආආආ.... ඒකද.... මට හොඳට ගහගෙන පුරුදුයි. ඔයත් දැකලා තියෙනවනේ ඕනි තරම්.
හයී......යාහ්... කරාටි නම් කරාටි. කුංෆු නම් කුංෆු. මං ඔය ඕනි එකක් හොඳට දන්නවා.

ආරා මගේ මූණ ගාවටම කකුලක් උස්සන ගමන් කිව්වා. මේ කෙල්ල නම් මහ පුදුම කෙල්ලෙක්නේ. හැබැයි කරලා තියෙන වැඩේ නම් නියමයි.

💖  ඒක නෙවෙයි. අර ඔයා කිව්ව විදියට..... මටත් ගොඩක් බලයන් තියෙනවා මං හිතන්නේ. දන්නවද මෙයාලත් එක්ක ගහගන්නකොට මට වෙනදට වඩා ඉක්මනට ගහගන්න පුළුවන් වුණා. ඒක හිතා ගන්න බැරි වේගයක්. කවුරුහරි කෙනෙක් එහෙ බලලා මෙහෙ බලනකොට මට ඒ කෙනාගේ පිටිපස්සේ ඉන්න පුළුවන්.

වැම්පයර් කෙනෙක් වෙනවයි කියන්නෙත් මරු වැඩක් බලන් යනකොට.

පේන විදියට ආරාට ගොඩක් බලයන් තියෙනවා වගේ. ලේසි වෙන එකක් නෑ ඉස්සරහට කාටවත්. දැන්නම් ආරා ගැන හිතා ගන්න බෑ මට.

🐨  ඒයි.... මෙතන ඔක්කොම කට්ටිය ඉන්නවද.

💖  නෑ.... දෙන්නෙක් එකපාරට අතුරුදහන් වුණා.

🐨  එහෙමද. කමක් නෑ අපි මෙයාලවත් අරගෙනම මාලිගාවට යමු. මට හොයාගන්න ඕනි කවුද මේ වැඩේ කලේ කියලා. දැන් ඔයත් එන්න ඕනි මාත් එක්ක.

💖  මාලිගාවට.....

🐨  ඔව්.....

💖  ඒත්....

🐨  ඒත් මේත් ගාන්න එපා ආවෙ නැත්තං මං බලා ගන්නම්කෝ.....

💖  අපෝයි.... මොනව බලාගන්නද. ඔය කියන කෙනාට ඔලුවට පාරක් වැදුණ විතරයි දඩ බඩාං ගාලා වැටිලා සිහියත් නැති වුණා. මං හිටියේ නැත්තං මෙලහට මොනව වෙලාද කියලා කල්පනා කරලා බලනවා ජූන් කුමාරයෝ....

ඔය ඉතින්..... දැන් මොකක්ද කියන්නේ. ලැජ්ජාවේ බෑ. මගෙ ඔලුවට ගහපු එකාව මං දැක්කානම් ඕකගේ කෙස් ගස් ගලවන්නේ එකින් එක මං. වෙලාවට මිනිහා පිටපස්සෙන් ඇවිත් ගහපු නිසා කවුද කියලා දැක්කේ නෑ. මාව මේ දාපු කරදරේට. දැන් ඕක ගැන කියවයි යනකන්ම.

You are my vampire queen | Completed |Where stories live. Discover now