🚫 Chapter 29🚫

289 122 4
                                    

ඇස් දෙක ඇරගන්න බැරි තරමටම බරයි වගේ. මට නිදිමතයි. ඒත් කොහෙද මේ යකින්න කන ලඟට වෙලා කෑ ගහනවනෙ........

"ජනා...... ඇහෙනවද.......... ජනා..... ජනා.... තාත්තේ තාත්තේ...... අයියේ........ "

"මොකද කෑ ගහන්නෙ ඇයි .......ඇයි එයාට සිහිය ආවද.?"

මම ආපහු හීනයක් දකිනවද කොහෙද. දේව්ගෙ පොඩි අයියගෙ කටහඬත් ඇහෙනව......

"නංගි.......නංගි..... "

"දුව.... දුව.............."

"දෝණි...... පුතේ....."

"ජනා.........."

මම යන්තන් ඇස් දෙක ඇරිය. ඒත් එක පාරටම ආපු ලොකු එලියත් එක්ක මම ආපහු ඇස් දෙක පියා ගත්ත.

"දෝණි...... පුතේ....."

"ජනා.........."

"ආහ්...... නි..දිමත.....යි....."

මම මිමිනුවෙ ඇස් දෙක පියාගෙනමයි.

"මොකද්ද......... ජනා...... ආපහු කියන්න........ ජනා......"

දේව්ට මොකෙක් වැහිලද මන්ද....... මගෙ අතත් බදාගෙන කෑ ගහනව... මේකි නිදාගන්න දෙන්නෙ නැද්ද කොහෙද මට.......

"පේෂන්ට සිහිය ආවද........?"

නුහුරු ගෑනු කටහඬකින් කොරියන් වලින් අහනව ඇහුන..

මම අමාරුවෙන් උනත් ඇස් දෙක ඇරියෙ වෙන්නෙ මොකද්ද කියල බලන්න. මගෙ කාමරේ හරිම අමුතුයි....... සුදු පාට වැඩි...... කවද්ද මගෙ කාමරේ සුදු පාට තීන්ත ගෑවෙ.....?????

ටික වෙලාවක් යද්දි මට තේරුනා මම ඉන්නෙ මගේ කාමරේ නෙමෙයි කියල.... උන දේවල් එකෙන් එක මතක් වෙද්දි මට ඕන උනේ නැඟිටින්න......... කුකී.........කුකී එයා කොහෙද..........???

"කුකී..... කුකී..........කෝ.....?"

මම ඇහුවෙ මගේ අත් අල්ලන් අඬන දේව්ගෙන්.

"එයා හොඳින් එයා හොඳින්..... කලබල කරන්න එපා..... තමුසෙට ඔපරේෂන් එකකුත් කරල ඉන්නෙ"

සිද්ද උන දේවල් මට හීනයක් වගේ. කාමරේ පුරාම නර්ස් ලයි ඩොක්ටර්ස්ලයි එහෙ මෙහෙ දුවනව. මම හැම දෙයක්ම දිහාම බලන් හිටියෙ කිසිම හැඟීමක් නැතුව. තාත්තයි දේව්ගෙ තාත්තයි ඩොක්ට එක්ක කතා කරන්න යද්දි පොඩි අයියයි දේව්‍ යි මගේ ලඟ නතර උනා.

Hanging Tree (Completed )Tempat cerita menjadi hidup. Temukan sekarang