🚫chapter 13🚫

349 127 8
                                    

සුගා කෙලින්ම ගියේ නම්ජුන් ලඟට......

"ජුනා මොන මඟුලක්ද මේ .....??? මේක ජෝක් එකක් නෙමෙයි තේරුනාද......."

ටේත් ගිහින් සුගාට එකතු උනා..

"හ්‍යොං කොහෙද ටේමිනා..... මම මේ පාර මම ඕකගෙ දත් දෙකක් බඩට යවනව......"

"හ්‍යොං අපේ ටේමිනා ඔයාලත් එක්ක හොස්පිටල් එකට ගියා නේද.... එයා තාමත් හොස්පිටල් එකේද??"

කුකී අහද්දි ජින් කලේ ඔහේ බලන් හිටපු එක විතරයි...

"ඌ ඌ....... අපිත් එක්ක හොස්පිටල් එකට ආව...... මම ඩොක්ටව බලන්න ගියා...... ජින් ....ජින් ටේමින්ට කෑම වගයක් ගේන්න ගියා..... අ........පි........ ඇවිත් බලන කොට ඌ හිටියේ නෑ..........කොහෙවත් හිටියෙ නෑ....."

නම්ජුන් කියද්දි කාටවත්ම තේරුම් ගන්න බැරි උනා මොනාද මෙ වෙලා තියෙන්නෙ කියල.

මට දැනුනෙ මට තවත් හිටගෙන ඉන්න බෑ වගේ......... මම එහෙම්මම පුටුවෙන් වාඩි උනා.....

"සිසිටීවී.......... සිසීටීවී.......... චෙක් කරන්න... අපිට හොයාගන්න පුලුවන් වෙයි."

ජේක් කිව්වෙ පොලිස් ඔෆිස කෙනෙක් ගාවට යන ගමන්.

"කට්ටියම පොඩ්ඩක් සන්සුන් වෙන්න....... අපි හොස්පිටල් එකේ තියෙන හැම සිසීටීවී එකක්ම චෙක් කලා මිස්ට ජින් වගේම මිස්ට නම්ජුන් හොස්පිටල් එකට ඇවිත් තියෙන්නෙ තනියෙම. ඒවගේම අපි චෙක් කලා ඕගොල්ලොන්ගෙ ට්‍රිප් එකේ වීඩියෝස්....... ඒ එකකවත් ටේමින් නෑ..... ඔයාල එයා ඉන්නව කියල හිතාගෙන කතා කරනව.... ඒත් එයා නෑ......"

ඔෆිස දැම්මේ අපි අර පිස්සු ගෙදරදි ගත්ත වීඩියෝ එකක්..... ඒක .....ඒක......... ගේට්ටුව ඇරගන්න බැරුව හිටපු වෙලාවෙ...... මට හොඳට මතකයි ඒ වෙලාවෙ ටේමින් ගලක් අරන් ඇවිත් ඒ ඉබ්බට ගැහුව..........ඒත්.......ඒත්........ අපි නිකන් හිටගෙන ගේට්ටුව දිහා බලන් කතා කරනව...... එතන ටේමින් නෑ.........මොනාද මේ වෙන්නෙ.........??????????????

"ඔෆිස විහිලු කරන්න එපා. ටේමින් අපිත් එක්ක හිටියා...කවුරු හරි මේ වීඩියෝ එක එඩිට් කරල ඇති........"

කායි කිව්වෙ අපි හැමෝම දිහා බලල......

අපි හැමෝමත් ඒකට එකඟ උනා......... මොකද ටේමිනා වීඩියෝ එකෙන් අතුරුදහන් වෙන්න මොකද මූ හොල්මනක් ද.........

Hanging Tree (Completed )Where stories live. Discover now