🚫 chapter 8 🚫

354 129 12
                                    

අනිත් අය වාහන ටිකත් අරන් පස්සෙන් එද්දි මමයි, සෙමියි, රෝසුයි, කුකියි, ජේකුයි, ටේයි, ටේමිනයි හෙමිටිට පයින් ම ඉස්සරහට ගියා. රූස්ස ගස් මැද්දෙන් අපි ඉස්සරහට ගියේ එක එක්කෙනාට විහිලු කර කර. ඒත් ටේමිනා විතරක් සොම්බියෙක් වගේ ඔහේ ඇවිදන් ගියා.

"මේ ඒක නෙමෙයි කුකී ඔයා වීඩියෝ කරන්නෙ ජනාව විතරද?"
එක පාරටම රෝස් අහපු ප්‍රශ්නෙට මාත් කුකී දිහා වට හැරුන.

"අ....... ඇයි...... නෑ....... එහෙම නෑ......"
කුකිය තටමල කිව්ව විදිහට මට තේරුනා මෙයා දැන් බයිට් වෙන්නයි යන්නෙ කියල.

"ඕ....හෝ....... හා හා....... නෑ කියල කියමුකෝ..... ඒත් ඉතින් මේ වටේ පිටේ මෙච්චර දේවල් වීඩියෝ කරන්න තියෙද්දි ඔයා මොකද හැමතිස්සෙමෙ ඕකත් උස්සන් ජනගෙ පැත්තට හැරෙන්නෙ.???"
ඒ පාරනන් රෝස් කුකීට කට උත්තරත් නැති කරලම දැම්ම.

"මාත් ඒකම තමයි අහන්න හිටියෙ ජියොන් ජන්කුක්... ඔයා ලොකේෂන් වීඩියෝ කරනව කියල ජනාව වීඩියෝ කරන්නෙ මොකද?"
ටේත් රෝස්ට එකතු උනා.

"මම .......... මම එහෙම ......ක........... කලේ නෑ...."
කුකී රවුමට කැරකිලා ටේමින්වත් පහු කරන් ඉස්සරහට දිව්ව.

"යා ඔහොම ඉන්නවා..........  මාවත් එක්ක යනවා.... මගෙ පණ ඔහොම ඉන්න....... මාත් එනව......... වල් හාවා....."
ටේ පොඩි එකෙක් වගේ කෑ ගගහ කුකී පස්සෙන් දිව්වෙ අපි හැමෝටම හිනාවෙන්න හේතුවක් දීල. ඒ දුවපු විදිහ... අත් දෙකත් දෙපැත්තට විසි කර කර උඩ පැන පැන දිව්වෙ...

හැමෝම සතුටින් හිටියා... නැත්තන් එහෙම ඉන්නව කියල පෙන්නුව... මොකද කවුරුත් කැමති උනේ නෑ මේ තැන මේ ගමන ගැන තමන්ට ඇත්තටම දැනෙන විදිහ ගැන කතාකරන්න. ඒක ලැජ්ජාවක්.... හොල්මන් වලට බයයි කියල කියන්න...... හහ්....

නොකිව්වට .........

අපි හැමෝගෙම .........

හිත් වල..........

මහ මූසල හැඟීමක් තිබුනා....

තණකොල වැවිල වැහිල තිබුන පාර දිගේ මීටර් හත්සීයක් විතර ඇතුලට යනකොට අපිට හම්බුනේ  පරණ ගෙදරක්... බැලූ බැල්මට කියන්න පුලුවන් මේක අවුරුදු සීයක් දෙසීයක් පරණ ගෙදරක් කියල. ගෙදර සමහර කොටස් අලුතෙනම හදල තිබුනෙ බටහිර තාලෙට. අලුතෙන්ම කිව්වට ඒවත් අවුරුදු දහයක් විතර පරණයි. කාලය ගෙවෙද්දි ජීවත් උන පරම්පරාවල් තමන්ට ගැලපෙන විදිහට ගෙදර අලුත් වැඩියා කරල තිබුන. ඉස්සරහට පේන්න තිබුනු හැම ජනේලයක්ම බිඳිල ගිහින් තිබුන. ගේ වටේ හැමතැනම ඒ වීදුරු කටු විසිරිලා. අයිවි වැලක් මුලු ගෙදරම පිටින් වහගෙන වැවිල තිබුනෙ ගෙදර අයිති කාරය වගේ. ඒත් ඒ අයිවි වැලේ එක කොලයක් වත් තිබුනෙ නෑ..... මුලු වැලම කලු පාට වෙලා....  මම පොඩි ඉත්තක් කඩල බැලුවෙ වැල මැරිල  ගිහින්ද කියල බලන්න. නෑ ඒක මැරිල නෑ.......... මහ අමුතුයි......

Hanging Tree (Completed )Where stories live. Discover now