🚫chapter 27🚫

367 132 45
                                    



හැම තැනම තිබුනෙ කලුවර විතරයි...... මගේ හිතේ මෙතනින් බේරිලා යනව කියන්න තිබුනු අන්තිම බලාපොරොත්තුවත් නැති වෙලා ගියා..... මොකද මම දන්නව මට හිතාගන්නවත් බෑ කියල මේරිගෙ හිතේ තියෙන කේන්තිය........ ඒත් ඒ කතාවෙ කිසිම තැනක මම හිටියෙ නෑ....... ඇයි එතකොට මම මෙතන ඉන්නෙ..........?????

එක පාරටම මට දැනෙන සීතල වැඩි වෙන්න ගත්තා. කෙලවරක් පේන්නෙ නැති කලුවර තැනක එයාව හම්බෙන්න ඕන නෑ මට...... එයාට උනේ වැරැද්දක් කියල දන්නව...... ඒත් මට බයයි........ ඊලඟට වෙන්නෙ මොකද්ද කියල දන්න නිසාම මම වට පිට බැලුවෙ ටිකක් කලබලෙන්......... කලුවර අතරින් එක පාරටම මගේ ඉස්සරහින් මතු උනේ මේරි........ අන්තිම දවසෙ ඇඳගෙන හිටපු රතු සිල්ක් දිග ගවුම එදා වගේම ලස්සනයි. වෙනදට පේන භයානක පෙනුම වෙනුවට අවුරුදු ගානකට කලින් හිටිය වගේම එයා අද හැඩයි. බය ටිකක් අඩු උනා. ඒත් කලුවර අතරින් එයා මගේ ලඟට ලන් වෙද්දි මගේ පපුව ගැහෙන්න ගත්තේ බදුලු කෝච්චිය වගේ. එයා මගේ ලඟට ලන් වෙන අඩියක් ගානෙ මම පිටිපසෙන් පස්සට ගියා.... අන්තිමට එයා නැවතුනා......... එයා මගේ දිහා බලන් හිටියෙ හරියට කියන්න දේවල් ගොඩක් තියෙනව වගේ.

එයා එතනම හිටගෙන මගේ පැත්තට පොතක් දික් කලා...... මම දැන් ඒක ගන්න ඕනෙද.........??? එයා ඒ පොත දික් කරගෙනම මගේ පැත්තට අඩි දෙකක් ආව...... බය වැඩි කමට කලබලේට පස්සට යන්න ගිහින් මම කකුල් දෙක පැටලිලා එහෙම්මම බිමට වැටුන....... මගේ උගුර කට ඔක්කොම වේලිලා වගේ..... ඒපාර එයා ඒ පොත එතනම බිමින් තියල අතුරුදහන් උනා.........

එයා ගියා........................

.
.
.
.
.
.

මම ඇස් දෙක ඇරියෙ ඔලුවෙන් ලොකු බර ගතියක් දැනෙද්දි........

"ජනා.......... ජනා.........."
මගේ ලගට වෙලා මාව තුරුල් කරගෙන මූනට තට්ටු කර කර ඉන්න කුකීවයි මම මුලින්ම දැක්කෙ. ඒත් ටිකකට කලින් දැකපු දේවල් මට මතක් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ......... මම දඩි බිඩි ගාල නැඟිට්ටෙ කුකීවත් පෙරලගෙන.....

"එයාල නෑ..... මේරි උදව් කලා අපි දෙන්නට පැනල යන්න... ඔයාට සිහිය නැති නිසා මමයි ඔයාව උස්සන් ආවෙ."
මම හෙව්වෙ මේරි කෝ කියල ඒත් කුකී හිතුවෙ මම රෝස් ලව හොයනව කියලද කොහෙද.....අපි වටේම තිබුනෙ ගස් විතරයි...... 

Hanging Tree (Completed )Where stories live. Discover now