🚫 chapter 6 🚫

364 125 22
                                    

කට්ටියම හිටියෙ හොඳටම හෙම්බත් වෙලා... සෙමී රෝසුයි තාමත් අඬන එක නවත්තල නෑ. දේව් මගේ ලඟින් දන ගහගෙන මොනවදෝ කියවනව. ඒත් මට ඒව ඇහෙන්නෙ නෑ. ලේඩි ඔෆිස කෙනෙක් ඇවිත් අපි හැමෝටම වතුර බෝතලේ ගානෙ දුන්න. කුකී බෝතලේ ඇරලම මගේ අතෙන් තිබ්බෙ මට තාමත් තනියෙම බෝතලේ කඩාගන්න බෑ කියල දන්නව වගේ. ඔෆිස ජන්ග් ගියුනුයි ඔෆිස සෝහයි කාමරේ ඇතුලට එනවත් එක්කම ඒ ලේඩි ඔෆිසයි දේව්‍ යි දෙන්නම එලියට ගියා.

"මට තේරෙනව ඔයාල ඉ න්නෙ මොන වගේ තත්වෙකද කියල. ඔයාල කැමතිනන් අපි මේක නවත්තල වෙන දවසක ආපහු කරමු."
ජන්ගියුන් කියද්දි පිටි පස්සෙ වාඩිවෙලා හිටපු සුගා හයියෙන් හිනා උනා.

"ඔය දෙන්න හිතන්නෙ තවත් දවසක අපි හැමෝටම එකට එන්න පුලුවන් වෙයි කියල. කවුද දන්නෙ ඊලඟට කවුද කියල..."
සුගා අන්තිම ටික කිව්වෙ හෙමින්. ඒත් ඒක අපි හැමෝටම ඇහුන.

ජන්ග් ගියුන් පුටුවෙන් වාඩි උනේ ලොකු හුස්මක් පිට කරල. මිනිහ හිතනව ඇති අපිට පිස්සු කියල. හැමෝම තම තමන්ගෙ තැන් වලින් වාඩි උනා.

"මේකයි මට දැනගන්න ඕනෙ මුල ඉඳල මොකද උනේ කියල......"
ජන්ග් ගියුන් කිව්වෙ අපි හැමෝගෙම මූනු ටික දිහා බලන ගමන්. අපි හැමෝම අපේ තැන් වලින් වාඩි උනා.

"හ්ම්........ කියන්නන්........"
නම්ජුන් කිව්වෙ ටිකක් වෙලා ඉඳලා.....

.
.
.
.
.
.
.
.
-------------------------------------------------
අතීතය........
රට :- කොරියාව
කාලය :- අවුරුද්දයි මාස අටකට පෙර
ස්ථානය :- ටෲබි කෝපරේෂන්හි ප්‍රධාන ගොඩනැඟිල්ල....

අපි හැමෝම වාඩි වෙලා බලන් හිටියෙ අපේ ටීම් හෙඩ් මින් හෝ එනකන්. අපේ ටීම් එකේ දහතුන් දෙනෙක් ඉන්නව. දහතුන කියල කියන්නෙ නරක අංකයක් කියල කිව්වත් අපේ ටීම් එක තමයි ටෲබි එකේ ඉන්න හොඳම ටීම් එක. අපි ඒක ඔප්පු කරලම පෙන්නල තියෙන්නෙ. අපි අත ගහපු හැම ගේම් එකක්ම වර්ල්ඩ් රෑන්කින් වල උඩම තිබුනු ඒව. දැන් අපි හැමෝම බලන් ඉන්නෙ අපේ අලුත් ගේම් එක පටන් ගන්න..... අපි මේ පාර ගේම් එක මොන වගේ එකක් වෙන්න ඕනෙද කියල අහල අපේ කස්ටමර්ස් ලට වෝට් කරන්න පෝල් එකක් දුන්න. ඒකෙ තිබුනෙ
ෆැන්ටසි
වොර්
ඇක්ෂන්
හොරර්
ඇඩ්වෙන්චර්
ත්‍රිලර්
කියන ඒව......

Hanging Tree (Completed )Where stories live. Discover now