🚫chapter 11🚫

346 131 7
                                    

හැම තැනම කලුවරයි. කිසි දෙයක් පේන්නෙ නෑ..... මම ඇවිදගෙන ගිහින් මොකක හරි හැප්පිලා වැටෙන්න ගියා. කිසි දෙයක් හිතාගන්න බැරුව මම ටිකක් වෙලා කල්පනා කලා..... පස්සෙ මතක් උනේ අපි රෑ රෙස්ටොරන්ට් එකට ආව නේද කියල....... ඒත් කෝ අනිත් අය .......???

කවුරුත් නෑ නෙ........... මම කලුවරේම අත ගගා ඉස්සරහට ගියා..

කොහෙන්දෝ ආපු එලියක් මගේ ඇස් නිලන්කාර කරගෙන පත්තු වෙලා නිවිලා ගියා........

වටේම තිබුන අඳුර ටිකක් අඩු උනා.......

ඒත්.......

එක පාරටම මම හිටගෙන හිටියෙ ඒ පාලු ගේ ඇතුලෙ..... තනියෙම....... හැබැයි දැන් නන් ගෙදර ටිකක් වත් දූවිලි නෑ.... හැමදේම පිලි වෙලයි.... සෝෆ එක ඉස්සරහ තිබුන පොඩි

ම............. මම........

හිටි........යෙ දො......රෙන් ඇතුල......ට යනකො.......ටම තිබු....න සෝ..ෆා එක ති.....බුන කෑ......ල්ලෙ.....

"කුකී...........කුකී......... ජන්කුක්....... රෝස්.......සෙමියා......"

මම එක තැන හිටගෙන වටේට කැරකුනේ මොකද්ද කරන්නෙ කියල හිතාගන්න බැරි කමට.

"නම්ජුනා....... ජින්.......... කුකී........."

කවුරුත් ආවෙ නෑ........

බය වැඩි කමට මගෙ කකුල් දෙකත් වෙව්ලනවද මන්ද... ඇයි කවුරුත් නැත්තෙ.....???? කො....... කොහො........ කොහොමද මම මෙතනට ආවෙ......?

මට කිසි දෙයක් හිතාගන්න බෑ........

එක පාරට මම ගැස්සිලා ගියේ උඩ තට්ටුවෙ කෙනෙක් ඇවිදිනව වගේ සද්දයක් ඇහුන නිසා..............

.

.

.

.

.

.

බය වැඩි කමටම මගෙ උගුර කටත් වේලිලා ගිහින්..... අනිත් අය කොහෙද?????

උඩ තට්ටුවෙන් ඇහුන සද්දෙ ටිකෙන් ටික පැහැදිලිවම ඇහෙන්න ගත්තා..... මට දැනුන පඩිපෙල දිගේ කෙනෙක් බැහැගෙන එනව කියල........ කරන්න දෙයක් හිතාගන්නවත් බෑ......... ටිකක් වට පිට බලපු මම දැක්ක එකම දේ සෝෆා එක විතරයි. තප්පරයක් වත් හිතන්නෙ නැතුවම මම ගිහින් සෝෆා එක පිටි පස්සෙන් බිමදන ගහ ගත්තා........

Hanging Tree (Completed )Where stories live. Discover now