🚫chapter 23🚫

248 120 2
                                    

බූසාන් ටවුන් එකේ ඉදල අපි පිටත් උනේ උදේ අටට විතර... ජින්ගෙ යාලුවට කියල තවත් වෑන් එකක් හොයා ගත්තෙ හදිස්සියෙ වත් එකක් කැඩුනොත් ආපහු එන්න බැරිවෙන නිසා. එක වෑන් එකකට මම , කුකී, නම්ජුන්, රෝස් නඟිද්දි අනිත් එකට ජින් ,ටේ ,සුගා නැග්ගා. පැය හතරක් විතර යනකොට අපිට ඒ පොඩි ටවුන් එකට එන්න පුලුවන් උනා.... මෙහෙ හැමතැනක්ම තාමත් ඒ වගේමයි. වෙනසකට තිබුනෙ වෙනද නැති මූසල පාටක් පේන්න තිබ්බ එක විතරයි..... වැහි අඳුර මුලු පලාතම වහගෙන තිබුනෙ හරියට අපිව පිලිගන්න වගේ....

"කාට හරි මොනා හරි කන්න ඕනෙද.......? අර ආජුස්සිගෙ රෙස්ටොරන්ට් එක ලඟ නවත්තන්නද?"
නම්ජුන් ඇහුවෙ ටවුන් එක පේන්න පටන් ගත්ත වෙලාවෙමයි.

ඒත් කිසි කෙනෙක් ඒකට උත්තර දුන්නෙ නෑ. අන්තිමට නම්ජුන් ඒ රෙස්ටොරන්ට් එක ලඟ ටිකක් වේගෙ අඩු කරල ගියත් නැවැත්තුවෙ නෑ...... ඒ තැන අතැරල දාලා.......

"ආජුස්සිල දැන් එතන නැද්ද මන්දා........ බලන්නකො එතන පාලුවට ගිහින්.."
කුකී කිව්වෙ ජනේලෙනුත් එලියට එබිල බලල.

"අනේ මන්දා...... ඔය ඔලුව ඇතුලට ගන්නව කුකී...... අනිත් මිනිස්සු ගැන හොයන්න අපිට වෙලාවක් නෑ දැන්.."
නම්ජුන් කෑ ගැහුවට මමත් දැක්ක නම්ජුනුත් ඒ දිහා ඕනකමින් බලනව.

නම්ජුනගෙ සැර කිරිල්ලටම ඔලුව ඇතුලට ගත්තත් කුකී දිගටම හැරි හැරි ඒ දිහාම බැලුව.

ගස් වලින් වට උන ........ කවදාවත් ආපහු හීනෙකින් වත් යන්න හිතපු නැති ඒ පාර දිගේ ආපහු යන්න උනේ මොන වගේ කරුමයක් කරපු නිසාද මන්දා. පැය බාගෙකින් විතර පස්සෙ අපේ වාහන ජීවිතේ ආයිමත් පරක් ඒ ගේට්ටුව ගාවම නැවතුනා...... මට ඇස් ඉස්සරහ මැවිල පේන්න ගත්තෙ කලින් පාර මහ රෑ අපි මෙහෙන් පැනල ගිය හැටි....

අපි හැමෝම වාහන වලින් එලියට බැස්සෙ ඇඟවල් කීරි ගැහිල යන තරමෙ සීතල හුලඟක් අපිව පිලිගනිද්දි.... රෝස් ඇවිත් මගේ අතේ එල්ලුනේ බය වැඩි කමටමද කොහෙද..... ඒ ගේට්ටුව තාමත් එහෙම්මයි....... අපි අතැරල දාපු විදිහටම එහෙම්මම තියෙනව..... මෙච්චර කාලයක් ගිහිල්ලත්.... හම්............

"හරි කට්ටියම අහගන්න අපි හත් දෙනෙක් ඉන්නව..... දැන් ඇතුලට ගිය ගමන් අපි බෙදිල මිනියක් වලදාපු තැනක් හොයන්න යමු... ඔයාලට සැක හිතෙන ඕනම තැනක් හාරල බලන්න...... ඒත් එතන නෑ වගේ තේරුනොත් වෙලාව නාස්ති කරන්න එපා. තව තැනක් බලන්න.. තේරුනාද........?"
අපි හැමෝම ඔලුව වැනුවෙ නම්ජුන් කියපු දේට.

Hanging Tree (Completed )Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα