🚫chapter 18🚫

351 129 11
                                    

වැස්ස ......... වැස්ස අපිට ගෙනාවෙම අවාසනාව විතරයි. වැස්ස අඳුර සීතල අපේ ආත්ම ඇතුලටම කිඳාබැහැල වගේ දැනුනෙ. එක එක්කෙනා අපෙන් ඈත් වෙන්නෙ අපි බලන් ඉද්දිමයි. දරාගන්න බැරුව හැමකෙනාම හිටියෙ ගොඩක් මානසිකව වැටිල. දේව් හැමතිස්සෙම මගේ පස්සෙන්ම හිටියා. මම බාතෲම් එකට ගියත් කෙල්ල දොර ලගට වෙලා ඉන්න පුරුදු උනා. මගෙන් පොඩි සද්දයක් නැති උන ගමන් එයා බයවෙන්න පටන් ගත්තා. මෙච්චර දවසක් අපේ එක එක්කෙනා සුයිසයිඩ් කරගන්නව කියල අහල තිබුනත් දේව්ට ඒව එච්චර දැනුනෙ නෑ. ඒත් ජිමින් සුයිසයිඩ් කර ගත්තාම දේව් ගොඩක් බය උනා......... ඔව් එයා බය උනා මාත් මොන වෙලාවෙ හරි මගේ ජීවිතේ නැති කර ගනී කියල.

ජීවිතේදි ඔයාල මොනම හරි තීරනේකට පසු තැවෙනව ඇති නේද.......??

මගේ ජීවිතෙත් එහෙම එකක් තියෙනව. ඒ එදා හොරර් ගේම් එකක් හදන්න කැමතී කියල අත උස්සපු එක.........

ඒත් දන්නවද තීරන අරගෙන ඒව ක්‍රියාත්මක කරල පස්සෙ පසුතැවුන කියල කිසිම දෙයක් වෙන්නෙ නෑ. වපුරපු විදිහට තමයි අස්වැන්න ලැබෙන්නෙ.....
.
.
.
.
.
.
.
.
.

අපි හැමෝම හිටියෙ පොලිස් ස්ටේෂන් එකේ. ජන්ග් ගියුන් ඇවිත් අපිව තනි කාමරේකට අරන් ගිහින් වාඩි වෙලා ඉන්න කියල යන්න ගියා. මම හොදටම දනගෙන හිටියා අපේ වම් අත පැත්තෙ බිත්තියක් වැහෙන්න තිබුනු වීදුරුවෙන් එහා පැත්තට වෙලා පොලිසියෙ ගොඩක් අය අපි දිහා බලන් ඉන්නව කියල. එයාලට ඕන උනේ අපි හැසිරෙන්නෙ මොන වගේද කියල දැනගන්න........

ටේ හිටියෙ පිස්සුවෙන් වගේ එහාටයි මෙහාටයි ඇවිදින ගමන්. අනිත් හැමෝම ඔහේ වාඩි වෙලා හිටියා.

" ටේ ඔය ඇවිදින එක නවත්තල වාඩිවෙයන්"
කුකී මේ කිව්වෙ හතර වෙනි පාරට......

ඒත් ටේට මේ පාරත් ඒක ඇහුනෙ නෑ. එයා තනියෙම කියව කියව ඇවිදිනව.

"අපිවත් මරයි........
මටත් මැරෙන්න වෙයි...........
එයා එයි...."
ටේ මන්තරයක් වගේ එකමදේ කියව කියව එහාටයි මෙහාටයි ඇවිද්ද.

ඇත්තටම ටේ ගෙ මේ කියවිල්ල අපි හැමෝටම ඔලුවෙ කැක්කුමක් වෙලා තිබුනෙ. කුකීගෙ ඉවසීමෙ සීමාවත් පැනල යන්න වැඩි වෙලාවක් ගියේ නෑ. පුටුවත් පස්සට තල්ලු කරල දාලා කුකී නැගිට්ටෙ හොඳටම කේන්ති ගිහින්.  එක පාරටම කුකී පැනල ටේ ගෙ ෂර්ට් එකේ කොලර් එකෙන් අල්ල ගත්තාම අපි හැමෝම ගැස්සුනා.

Hanging Tree (Completed )Onde histórias criam vida. Descubra agora