🚫chapter 10🚫

344 130 2
                                    

ඒ ලයිට් එක පත්තු වෙන විදිහ දැක්කම අපි හැමෝටම ටිකක් සැනසීමෙන් හුස්ම වැටුන. දැන් අපි තනි වෙලා නෑ.

ලොක් කරල තිබුනු දොරේ එක එක ලොක් එක ඇරෙන සද්දෙ අපිට ඇහෙද්දි හැමෝම ඇස් ලොකු කරන් ඒ පැත්ත බලන් හිටියා. නම්ජුන් අඩි දෙකක් පස්සට උනා...... දොර ඇරගෙන එලියට ඔලුව දැම්මෙ රෙස්ටොරන්‍ට් එකේ වයසක පිරිමි කෙනා..

"ආ..... මේ...... මේ ලමයි නෙ.."

"ආජුස්සි.......... සමාවෙන්න මේ වෙලාවෙ කරදර කලාට.... මීදුම නිසා මේ.......... අපිට ආපහු යාගන්න බැරි උනා......"
නම්ජුන් ගොඩක් සන්සුන් විදිහට සාමාන්‍ය විදිහට කිව්ව.

ඒ මනුස්සය දොර සම්පූරණයෙන්ම ඇරල එලියට ආව.... හොඳ හුස්මක් අරගෙන ටිකක් වට පිට බලල එයා අපි දිහාවට හැරුන.

"කාලෙකට පස්සෙ ආපහු........."
එයා කියපු දේ අපි කාටවත් තේරුනේ නෑ.. මොකක් ගැනද එයා ඒ කිව්වෙ??

"ආ අජුස්සි...... කාලෙකට පස්සෙ.......??"
ජින් අහද්දි ඒ මනුස්සය අපි දිහා බලල ආපහු ඇතුලට යන්න හැරුන.

"ඔය ලමයි ඉක්මනට ඇතුලට එන්න.... අද වැඩිය එලියෙ ඉන්න හොඳ දවසක් නෙමෙයි......"

එයා කියපු දේවල් තේරුනේ නැතත් අපි හැමෝම එක්කෙනා පස්සෙ එක්කෙනා සද්දයක් නැතුවම ඇතුලට ගියා. නම්ජුන් ජින් එක්ක එකතු වෙලා ටේමින්ව ත් උස්සන් ඇතුලට ආව. මම ටිකක් වට පිට බලද්දී දැක්කෙ රෝස් පුටුවක් උඩට වෙලා වකුටු වෙලා ඉන්නව. වතුර බෝතලේකුත් අරන් මම එයා ලඟින් වාඩි උනා. අනිත් අයත් එක එක තැන් වලින් වාඩි වෙනකොට නම්ජුන් ල ටේමිනාව පුටු දෙක තුනක් ලන් කරල ඒක උඩින් නිදි කෙරෙව්ව.

"ආජුස්සි මේ ලඟ පාත ඩොක්ට කෙනෙක් ඉන්නවද?"
නම්ජුන් අහද්දි ඒ මනුස්සය ටේමින් ලඟට ඇවිත් එයාගෙ අත අරන් නාඩි බැලුව.

"මේ පැත්තෙ ඩොක්ට කෙනෙක් නෑ ලමයො. ඩොක්ට කෙනෙක් හොයා ගන්න නන් මෙහෙ ඉඳල කිලෝමීටර් විසිපහක් වත් යන්න වෙනව."

"දැන් මොකද කරන්නෙ........? මේ වෙලාවෙ යන්න බෑනෙ මීදුම සැරයි......."
ජින් අහද්දි නම්ජුනා ටේමින් ලගින් වාඩි උනා...

"බය වෙන්න දෙයක් නෑ මෙයාට සිහිය නැති වෙලා විතරයි..."
ඒ මනුස්සය කියද්දි අපි හැමෝම එයා දිහා බැලුව.

Hanging Tree (Completed )Kde žijí příběhy. Začni objevovat