🚫 Chapter 28🚫

301 128 6
                                    

කුකී මාව ඇඳගෙන දුවන එක නතර උනේ මම ආයොන්ග්ව දැකල නැවතුන නිසා.

"ජනා........ මොකද කරන්නෙ. එන්න අපි යන්න ඕනෙ. උන්ට අහු උනොත් ඔක්කොම ඉවරයි."

කුකී කියවන්න ගත්තෙ මගෙ අතින් අදින ගමන්.

මම වචනයක් වත් නොකිය අත දික් කරල පෙන්නුවෙ අපිට ටිකක් ඈතින් හිටගෙන අපි දිහා බලන් ඉන්න ආයොන්ග් ව.......... ආයොන්ග්ව දැක්ක විතරයි කුකීගෙ කියවිල්ලත් නතර උනා. කුකීගෙන් සද්දයක් නැති නිසාම මන් එයා දිහාවට හැරුන. එයා ආයොන්ග් දිහා හිනා වෙලා බලන් ඉන්නෙ හරියට යාලුවෙක්ව දැක්ක වගේ. මම කුකීගෙ අතින් ඇද්ද.........

"එයා අපිට එයාගෙ පස්සෙන් එන්න කියනව....."

කුකී ටිකක් වෙලා ඉඳල එහෙම කියල මාවත් ඇදගෙන ආයොන්ග් ඇවිදන් ගිය පැත්තටම ගියා. අපිට පිස්සුද හොල්මනක් පස්සෙන් යන්නෙ......

වෙලාවකට කුකී කියන්නෙත් උත්තර නැති ප්‍රශ්න පත්තරයක්......... ආයොන්ග් අපිව එක්කන් ගිහින් නැවතුනේ ඒ ගහ ලඟ............ මට මැවිල පෙනුනෙ එදා කට්ටිය එකතුවෙලා පණ ඇද ඇද හිටපු මේරිව මේ ගහේ එල්ලපු විදිහ. මම කුකී දිහයි ආයොන්ග් දිහයි මාරුවෙන් මාරුවට බලන්න ගත්තෙ වෙන්නෙ මොකද්ද කියල තේරුම ගන්න බැරි කමට. එක පරටම ගහ ලඟින් මතු උනේ රෝදපුටුවක හිටපු කිම් ජන්ග් හ්‍යුන්........

"දන්නවද ජනා........"

මම ගැස්සිලා ගියේ කුකීගෙ කටහඬට..... ටික වෙලාවකට කලින් මම දැක්කෙ මෙයාල මැරුනෙ කොහොමද කියල..... එතකොට දැන් එයාල මගේ ඉස්සරහ.... පපුව ගැහෙන්න විදිහට දැනෙන්නෙ දැන් පුපුරල යයි කියල......

"එයාලව වලල තියෙන්නෙ මෙතන....."

මම ජන්ග් හ්‍යුන් ගෙනුයි ආයොන්ග් ගෙනුයි ඇස් අහකට ගන්නෙ නැතුවම අහන් හිටියෙ කුකී කියන දේ.....

මොකක්........... මෙතන.......... වලල........ මට අතේ තිබුනු ඔරලෝසුව දිහා බැලුනෙ ඉබේටමයි...... වෙලාව දහයයි තිහයි.දොලහ වෙන්න කලින් මිනී පුච්චන්න කියලයි කිව්වෙ....... ඒත් මම දැන් ඒක කරනවද.........????

මට ඉතුරු උනේ තවත් උත්තරයක් නැති ප්‍රශ්නයක්.....

මම කුකී දිහා බලද්දි එයත් මගේ දිහා බලන් හිටියා. ඒත් එක පාරටම කන ලගින් ඇහුන ලොකු සද්දෙ ට මම අත් දෙකෙන් කන් දෙක වහ ගත්තා........ මොකද්ද උනේ කියල හිතන්නත් කලින් මගේ ඉස්සරහ හිටපු ආයොන්ග් වගේම ජන්ග් හ්‍යුන්ගෙ ආත්ම ගොඩක් නපුරු පෙනුමක් ගත්තා. කෑ ගහන්නෙ කොහොමද කියන එකත් මට අමතක වෙලා ගියා. මෙච්චර වෙලා සාමාන්‍ය මිනිස්සු වගේ පෙනුන ඒ දෙන්න දැන් ඇත්තම යක්ෂයො වගේ....... තැන තැන මස් දිය වෙලා ඇට කටුත් පේනව. ඇඳුම් ඒව තැනින් තැනින් දිරල ගිහිල්ල. ජන්ග් හ්‍යුන්ගෙ ඇදුම් වල වේලිච්ච ලේ පාරවල් එහෙම්මම තියෙනව. රෝද පුටුවක හිටපු ජන්ග් හ්‍යුන් එක පාරටම බිමට පැනල වේගෙන් බඩ ගාගෙන වගේ අපිවත් පහු කරල ඇදිල ගියා. ආයොන්ග් නුත් ගිරියටින් කෑ ගහගෙන ඒ පැත්තටම දිව්ව. මගේ මුලු ඇඟම වෙව්ලන්න ගත්තෙ බය වැඩි කමට. මම හැරිල බැලුවෙ ඒ දෙන්න දුවපු පැත්ත..... දැකපු දේ නිකන් මට හීනයක් වගේ. රෝස් තුවක්කුවක් අත් දෙකෙන්ම අල්ලන් මගේ පැත්තට දික් කරගෙන හිටිය. මට ඇත්තටම කුකීව අමතක වෙලා ගියා.

Hanging Tree (Completed )Where stories live. Discover now