🚫chapter 17🚫

330 133 38
                                    

මහ හයියෙන් වහිද්දිම මමයි දේව් යි අපාර්ට්මන්ට් එකට ආව. බාගෙට තෙමිල හිටපු නිසාද මන්දා මේ වෙනකොට මට දැනුනෙ ලොකු සීතලක්. මමයි දේව් යි දෙන්න අපාර්ට්මන්ට් එකට ගිහින් දොර අරින්න හදනකොටම කෝල් කලේ කුකී..... මේ ටිකකට කලින් හම්බෙලා දැන් ආපහු කෝල් කරන්නෙ මොකද කියල හිතන ගමන් මම කෝල එක ආන්සර් කලා.

"දේ.......කු...."
මට ඉවර කරගන්න හම්බුනේ නෑ

"ජනා ජිමින්ගෙ වාහනේ ඇක්සිඩන්ට් වෙලා..... "
මට දැනුනෙ කරකවල අතැරිය වගේ. මට මැවිල පෙනුනෙ ඉස්සෙල්ල ජිමින් කාර් එකට නැඟල පිටත් වෙලා ගිය හැටි.

මම වැටෙන්න ගියත් දේව් මාව අල්ල ගත්තා. දේව් මගෙන් ඇස් වලින් ඇයි කියල ඇහුවත් ඒකට උත්තර දෙන තත්වෙක මම හිටියෙ නෑ.

"ජි.....මීට කො..හොමද........?"
මම ඇහුවෙ වෙව්ල වෙව්ල. කියාගන්න බැරි වරදකාරී හැඟීමකින් මගේ හිත පිරිල තිබුන.

"දන්නෙ නෑ.  අපි එතනට යනකොටත් වාහනේ ඇරල දාලා තිබුනෙ ෆෝන් එකත් කාර් එක ලග දාලා මේකා කොහෙ ගියාද කියල දන්නෙ නෑ."

"කුකී.......එයා........"

"බය වෙන්න එපා මුකුත් වෙලා නැතුව ඇති..... අපි මේ දැන් එයාව හොයනව.  මම කතා කලේ අපාර්ට්මන්ට් එකටම වෙලා ඉන්න කියන්න."

"හ්ම්......"

"මම තියනව.........."

"හ්ම්.....මාත් එන්නද?"

" එපා.........ෆෝන් එක ඔන් එකේ තියා ගන්න. මූව හම්බුන ගමන් ඔයාට කෝල් එකක් දෙන්නන්."

"හ්ම්..."
කෝල් එක කට් වෙනවත් එක්කම දේව් මාවත් අල්ලගෙන අපාර්ට්මන්ට් එක ඇතුලට ගියා.

"මොකද වෙලා තියෙන්නෙ ජනා.......?"
දේව් ඇහුවෙ මට වතුර වීදුරුවක් දික් කරන ගමන්.

කිසිම දෙයක් නොකිය මම ඒ වතුර වීදුරුව එක හුස්මට බීල ඉවර කලා.

"ජිම්........ ජිමීගෙ කාර් එක ඇක්සිඩන්ට් වෙලා....."
මම කියද්දි දේව්ත් මන් ලඟින් වාඩි උනා.

"අර කොණ්ඩෙ බ්‍රොව්න් කලර් කරල හිටිය බෝයිද?"

"හ්ම්...."

"දැන් එයාට කොහොමද?"

"දන්නෙ නෑ එයා හොයාගන්න නෑලු."

Hanging Tree (Completed )Where stories live. Discover now