🌹 35 වන දිගහැරුම 🌹

131 24 112
                                    

දෙවියනේ ඒ හඩ ... ඔව් ... මට හොදට පුරුදුයී .... ඒත් මේක වෙන්න පුලුවන්ද ??? මේක හීනයක්ද ??? 🥺🙃

කැබින් එකෙන් ඇහුන කටහඩත් එක්ක පපුවට අතත් තියාගෙන ම මම හේත්තු උනේ බිත්තියට .... අවුරුදු හතරාමාරකට පස්සෙ ඒ කටහඩ මගේ කනට ඇහෙද්දී මගේ ඇස්වලින් කදුළු ගලාගෙන ගියේ මටත් නොදැනීම . ... 🥺 එහෙම වෙන්න පුළුවන්ද ??? මාව ගැහෙනවා ... නෑ .... මේක හීනයක් ... මේ දවස් ටිකේ මන් දේව් ගැන හිතුවා වැඩී .... සිහියට වරෙන් ගේලී ... සිහියට වරෙන් ....

මන් ගහ ගත්තෙ මගේ කම්මුල් වලට ...

" ආර් යූ ගොයින්ටු දෙයා බී ඕල් ඩේ ? "

ඔව් ... ඒ කේන්තියමයී ... ඉතින් තවත් හිතන්න දෙයක් නෑ ... ඒ එයා තමයි ... ඔව් ... දෙව් ... ඒ එයා තමයී 🥺 ඒත් කොහොම විශ්වාස කරන්නද ??? එයා කොහොමද සිංගප්පු වල , අනිත් එක හොටෙල් එකේ CEO .... 🥺
අවුරුදු ගානකට පස්සෙ එයා මගේ ඉස්සරහට ඇවිත් .... ඒත් දේව් දන්නවද මේ ඉන්නෙ මන් කියලා .... ඔව් ... මන් නමින් විතරක් නෙමේ ... රුඉපෙන් පවා වෙනස් උනා ... දන්න කෙනෙකුට උනත් මාව අදුරගන්න අමාරුයී .... මොකද දිගට දිබ්බ කොන්ඩෙ උරහිස ලගට කපපු මම , කට උඩින් ලපයක් තියා ගත්තෙ මගේ පෙනුම වෙනස් කර ගන්න .... මන් අදින පලදින විද්හත් මන් වෙනස් කලේ මාව අදුරගන්න බැරි වෙන්න ... කොටින්ම මාව දකින ඕනිම කෙනෙක් හිතන්නෙ මන් කොලු ටයිප් කියලා ...

ඔව් ගේලී .... ඕනී දෙයක් වෙද්දෙන් .... උබට මේකට ෆේස් කරන්නම වෙනවා .... ලොකු හුස්මක් ගත්ත මන් ඇරියේ කැබින් එකේ ඩෝ එක ....

ඔව් දෙයියනේ .... ඒ දේව් .... කලු කලිසමට ලා නිල් පාට ශර්ට් එක ඇදලා අත වැලමිට ලගට නවලා හිටිය දේව් හිටියේ ෆෝන් එක ඔබ ඔබ ....

ඇයි දෙවියනේ ඔබ ඔහොම 🥺 දේව්ගෙන් මන් ඈත් උනේ මගේ හිත හදා ගන්න .... ඒත් කැරකිලා කැරකිලා උබ වහන්සේ ආයෙමත් මාව අරන් ආවේ එතනට .... 😔 ඇයි ???

මට පිටුපාලා ඉන්න දේව් මන් දිහා නොබැලුවත් ඒ විනාඩි ගානට මන් ඒ රුව සිත් සේ විදගත්තා ...

ඔව් .... උබ ශක්තිමත් වෙන්න ඕනී ... දේව් නිසා උබ ආයෙත් වැටෙන්න හොද නෑ ... මුලින්ම මෙතන වැඩේ ඉවරයක් කර ගමු .... ඊට පස්සෙ පුලුවන් කරන දෙයක් කල්පනා කරන්න ....

ගේලීWhere stories live. Discover now