🌹1 වන දිග හැරුම 🌹

605 46 43
                                    

ගේලී

නපුරු හිතක් ලග ආදරේ හොයන දගකාරියකගේ ආදර කතාවයි මේ

1 කොටස :

ට්‍රීං ..... ට්‍රීං ..... ට්‍රීං

පට්ට නින්දක හිටපු මාව ඇහැරුනෙ මගේ ෆෝන් මැණික රිං වෙන සද්දෙට මේ උදේ පානදර කෝල් කරන එකාගෙ අම්මටයි තාත්තටයි හිතෙන් පින් දිදී නින්දෙන්ම ටේබල් එක අත පත ගෑවේ මගේ ෆෝන් මැණික හොයා ගන්න.

බ්ලාස්....

දෙවියනේ.. මන් හිතුව හරි,
මගේ ෆේවරිට්ම ගොල් වොච් එක දෙයියනේ කියල බිම සිප ගත්ත

මගේ නිදිමත කොහෙන් ගියාද දන්නෙ නෑ. ඇයි යකෝ මගේ ආසම වොච් එක ... මගේ කන්වකේෂන් එක දවසෙ ගවේෂයගෙන් මට ලැබුණු ගිෆ්ට් එක. මන් ආසම විදිහට ඩිසයින් කරවලා හදලා තිබ්බෙ ඒක .
මන් ඇදෙන් බැස්ස නෙමේ පැන්න.ඒ පැන්න විදිහ අපේ ස්පෝට් සර් එහෙම දැක්කනම් මාව ඔලිම්පික් වලට නොමිනේට් කරනවා . ඇයි යකෝ අන්නවගේ මාස්ටර් පැනිල්ලක්නෙ මන් පැන්නෙ . බිම වැටිල තිබ්බ වොච් එක අතට අරන් හරෝ හරෝ බැලුවෙ ඒකට තීන ආසාව අතහරින ගමන්.
අතහරින එකම තමා හොද මොකෙක් හරි තරහට දඩාං ගාල පොලේ ගැහුව වගේ අර පත ග්ලාස් එකම සුනේ සුන් වෙලා.
දෙවියනේ ඔබ මැව් ලෝකෙක අරුමේ

ඔන්න ඉතින් මගේ දරුණු යකා ඇවිස්සෙන්න එච්චර වෙලා ගියේ නෑ. ඇයි යකෝ කෝල් කරන එකා තාම ෆෝන් එක උඩ නැගගෙනනෙ ඉන්නෙ

ගේලීWhere stories live. Discover now