🌹15 වන් දිගහැරුම 🌹

137 23 44
                                    

නෑ ... එපා ... කවීෂ හොද සිහිටට එනවා ... මට ඉකි ගැහුනෙ මටත් නොදැනී ... මන් තදින් දෑස් පියා ගත්තෙ වෙන කරන්න දෙයක් නැති නිසා .. ඒත් එකපාරටම කවීෂව ඇදිල ගියේ ලග තිබුනු වාහනයට ... මන් ඇස් දෙක ඇරලා බැලුවේ වුනේ මොකක්ද කියලා ... ඒත් මේ වෙලාවෙ එතන හිටියෙ මන් හීනෙකින්වත් නොහිතපු කෙනෙක

" තොට මන් එදත් කිව්වා මගේ කෙල්ලගෙන් ඈත් වෙලා ඉන්න කියලා තෝ කොහොමද යකෝ මගේ කෙල්ලව කිස්කරන්න යන්නෙ ... ආ ... කියපිය "

කවීෂගෙ බෙල්ලෙන් අල්ලන් කා එකට තද කරගෙන කෑ ගැගුවෙ වෙන කවුරුත් නෙමේ දේව් ... මට හිතුන දේ හරිද එතකොට එයාද ඉස්සෙල්ල වත්ත් පහල හිටියෙ ... නෑ වෙන්න බෑ ...

" ඒකී මගේ යකෝ ... මේ දේව්ගෙ කෙල්ල තෝ වගේ හාල්පාරුවෙක් කොහොමද යකෝ මගේ කෙල්ලව අල්ලන්නෙවත් ... කොහොමත් උබ ලගකදි ඉදන් නටවන වැඩී ..."

කවීෂගෙ බෙල්ල තද කරගෙන දේව් කෑ ගහද්දී දුවන් ආපු ගවීෂ් හැදුවෙ දේව්ව නවත්තන්න ඒත් කොහෙද දේව් ගවේෂයව තල්ලු කරපු පාරට ඌව විසික් වෙලා ගියා

" අනේ අයියෙ නවත්තන්නකො ඕක ප්ලීස් ..."

මිතූ අඩනවා ...

" නංගි තමුසෙ කට වහගෙන ඉන්නවා ...අද මන් මූ එක්ක දෙකෙන් එකක් බේරගන්නම්

මට තාම විශ්වාස නෑ ... මේ ඇත්තක්ද කියලා මන් කොනිත්තන් බැලුවෙ මගෙ අත

" ආව්ව්ව් ..."

මේක ඇත්තක් ... ඔව් මන් සිහියට අවා ... කවීෂ ඒ අත් වලින් බේරෙන්න දගලනවා බ්ලන් ඉදලා හරියන්නෙ නෑ මොනා හරි කරපන්

" දේව් ඕක නවත්තනවා ..."

මන් කිව්වෙ කැ ගහලා

ඒත් මේකට කිසිම ගානක් නෑ ... නහර ඉලිප්පිලා තියන ඒ අත් වලින් කවීෂ්ගෙ බෙල්ල තව තවත් තද කරනවා .. බලන් ඉන්න බැරිම තැන මම ,

ගේලීKde žijí příběhy. Začni objevovat