🌹 34 වන දිගහැරුම 🌹

110 20 159
                                    

කවදා කොහොම ඇති වෙනවද කියලා දන්නෙ නෑ ... සමහර වෙලාවට ඒ ආදරයමද කියලා වැටහීමකුත් නෑ ... වැටහුණත් පිළිගන්න සූදානමකුත් නෑ ... ආදරෙයි කියලා පිළිගත්තට පස්සෙ රැක ගන්න උවමනාවකුත් නෑ ... අන්තිමට ඒ ආදරය නැති වෙලා යනකනුත් අපි දන්නෙ නෑ ... ඊට පස්සෙ හිතට දැනෙන දුක කොච්චරද කියන්න ඒ ආදරයවත් දන්නෙ නෑ ... " දේව් " කියන්නෙ මගේ ජීවිතේ මන් ගත්ත සුන්දරම තීරණේ වගේම , මගේ ජීවිතේ පසුතැවෙනම තීරණේ 🥺 ඒත් ඒ පසුතැවීමට මන් කවදාවත් මාව වට්ටන්න මන් ඉඩ දුන්නෙ නෑ .... මොකද මන් දැන් අම්මා කෙනෙක් .... මන් අඩ අඩා තැවි තැවි ඉන්න කාලයක් නෑ .... මගේ ජීවිතේ මන් ලග .... මන් හිතුවට එයාගෙ මතකය මන් ලංකාවේ දාලා ආවා කියලා ඒක බොරුවක් .... හැම රෑකම ඒ මතකයන් මාව අවුලන තරමක් .... කොච්චරනම් ඒයාගේ රූප දිහා බලන්න ඇතිද ? ඒ උණුහුමට හිතින් කොච්චර ලෝභ කම් කරන්න ඇතිද ??? තාමත් එහෙමයී .... එයා මන් ලග නැති උනත් එයාගෙන් මට ලැබිච්ච වටිනම වස්තුව මන් ලග .... එයාගේ කපාපු පලුව .... විද්ව් දුෂ්‍යන්ත දිසානායක .... ඇරපු අතක් නෑ ... දේව් වගේමයී .... නම තිබ්බෙත් ඒ නම මගේ හිතින් අමතක නොවෙන්න ....
" විදෙව් " ..... " දේව් " ....

ඕනෑම දුකකට වේදනාවකටම හොදම බෙහෙත කාලයලු .... මගේ හිතේ දේව් , මිතූ , සිරිල් , කෙනඩික් , යෂ් , කවීෂ් කියන අය ඇති කරපු දුකට බෙහෙත ලෙස අවුරුදු හතරා හමාරක කාලයක් ලැබිලා ....🥺 මේ කාලය තුල මට දේව්ව මතක් නොවුණා නොමේ ... 🥺 ඒත් මන් ජීවත් උණා .... ඕනෑම දුකකට මුහුණ දෙන්න පුලුවන් ශක්තිමත් ගෑණියෙක් වශයෙන් අද මන් ජීවත් වෙනවා .... මන් දැන් සිංගප්පූරුවල ප්‍රධානම , ප්‍රසිද්දම හොටෙල් එකක මේන් ඩිසයිනර් ....

" අම්මී .... "

උදේපාන්දරම මන් කෑ ගැහුවේ මගේ කාමරේ ඉදන් ....

" මොකද ඒන්ජල් උදේ පාන්දරම කෑ ගහන්නෙ ?? "

අම්මි දොර ඇරියෙ එහෙම කියාගෙන 😁 අම්මිට මගේ මෝඩ හිනාව දාපු මම ,

" මේ කට්ට ගහන්නකො අනේ 🥺 .... "

මන් කිව්වෙ අම්මි අතට කට්ට දීලා ... අද ඉතින් අපේ හොටෙල් එකේ ලොකු මීටින් එකක් ... මීට්න් එකක් කිව්වට ඉතින් ලන්ච් එකක් .... හැමදාම ඉතින් ශෝට් ගවුම් කෑලී ඇන්ද නිසා අද මට වෙනසක් කරන්න හිතුනා ... මට කිව්වට ඉතින් අම්මිට තමා ඒ වෙනස කරන්න හිතුනේ ... එයාට හරි ආසාවක් තිබ්බෙ මන් සාරී එකක් ඇදන් ඉන්නවා බලන්න 🙈

ගේලීWhere stories live. Discover now