🌹9 වන දිගහැරුම 🌹

133 24 33
                                    

කියාගන්න බැරි වේදනාවක් ඇති වෙද්දී දෑස් වලින් ආපහු ගලන් යන්න හදන කදුලු වලක්වාගෙන පහලට දුවන් ආපු මම කාගෙ හරි ඇගේ වැදිල මම බිම වැටුනේ මේ සිහියෙන් හිටපු නැති නිසා .මන් ඔලුව උස්සල බැලුවෙ කව්ද කියලා... ඒත් දැක්ක දෙයින් මගේ ඇස් නලට ගියේ මෙච්චර වෙලා හංගන් හිටපු කදුලු එලියට පනිද්දී ...

මේ වෙලාවෙ කොහොමත් බලාපොරොත්තු නොවිච්ච රුවක්

" ගේලී.... "

මගේ උරහිස් වලින් අල්ලලා කෑ ගහගෙන එයා මාව තුරුලු කර ගත්තෙ ඒ පපුවට

ඔව් කවීෂ් .... මන් දන්නෙ නෑ එයා කොහොම මෙතනට ආවද කියලා මට දැනෙන්නෙ එයා මාව උරහිස් වලින් අල්ලලා හොලවනවා ... මට ඒ දේවල් වලට උත්තර දෙන්න තරම් සිහියක් නෑ මම ඔහේ එයා දිහා බලන් හිටියා ....

" ගේලී කතා කරනවා ..... මොකක්ද තමුසෙට වුනේ .... "

මගේ මූණ දෝතට අරන් කියද්දී මට මන් ගැනම ඇති වුනේ අනුකම්පාවක්

ඇයි මටම මෙහෙම වෙන්නෙ ... එක පැත්තකින් අප්පච්චි .... අනිත් පැත්තෙන් දේව් .... හැමෝම කරන්නෙ මාව රිද්දන එක 😭😭

" ගේලි .... ප්ලීස් මැණික .... කතා කරන්නකො ප්ලීස් .... "

මගේ මූණ දිහා බලාගෙනම කවීෂ කියද්දී ඒ දිහා බලන් හිටපු මම තුරුලු වුනේ ඒ පපුවට. මට අඩන්න ඕනි නෑ...
ඒත් මට මගේ හිත සන්සුන් කර ගන්න ඕනී දේව් කීව්ව හැම දේම අමතක කරන්න ඕනී.... හීනයක් කියලා අමතක කරන්න ඕනී එයත් එක්කගෙවිච්ච හැම විනාඩියක්ම මට අමතක කරන්න ඕනී මන් හරිද දන්නෙ නෑ .... ඒත් මන් තව තවත් කවීෂට තුරුලු වුනේ මගේ දෑස් වලින් ගලන් යන්න හදන කදුලු නවත්වන්න් උත්සහ උත්සහ කරමින් .... ඒ එක්කම කවීෂත්
මගේ බද වටා දෑත් යවමින් ඒ පපුවට ඇදල අරන් මගේ ඔලුව අතගෑවේ මට සන්සුන් වෙන්න කියන්න වගේ ....

ගේලීWhere stories live. Discover now