🌹 17 වන දිගහැරුම 🌹

137 20 33
                                    

නෑ මට මුකුත් කියන්න හම්බ වුනේ නෑ ... ඒ එක්කම කාමරේ දොර ලගින් ඇහුණු සද්දෙට  දේව් මගෙන් ඈත් වුනේ මමත් භය වෙලා දොර දිහා බලද්දී ...

" තමුසෙට මොළයක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද අයිසේ ... ඔහොම කාමරේකට කඩාපාත් වෙනවද??"

පුදුමෙන් අපි දිහා බලන් දොර ලග  ඉන්න මිතූට දේව් කෑ ගහද්දී මම දේව් දිහා බැලුවෙ පුදුමෙන්

යකෝ මේ මිනිහා ... මූට අමු කැවිලද??

කිව්ව කියලද හිතන්නෙ 😁😁 නෑ නෑ ... හිතුව විතරයි 😁

" මේ හලෝ මේක රූම් එකක් තමයි හැබැයි බෙඩ් රූම් එකක් නෙමේ ... අනික මන් දන්නවද ගේලීට හුස්ම ගන්න බැරි වෙලා මේක අස්සෙ රිංගන් තමුන් මේ වස්සිට හුස්ම දෙනවා ... කියලා ... යකෝ මේක මාර වැඩක් තමා ..."

එක්කම දෑත් දෙපසට තියන් කෑ ගහපු මිතූ යන්න හැදුවෙ බැල්කනි එකට ...

මේ වගේ කතාවක් කියලත් මේකිට නිකන් යන්න දෙයිද මේ ගේලී ... පිස්සු හැදෙයි සද බැඹලෙයි 😁😁 දෙවියනේ කියලා අතට අහු වුනේ ලග තිබුණු රිමෝට් එක  ... ආයේ දෙපාරක් හිතන්නෙ නැතිව එක අරන් දමලා ඇරියෙ ඒකිගේ ඔලුව

" මොන ල## යකෝ කරන්නේ ..."

මිතූ අහන්නේ ඔලුව අත ගාන ගමන්

" ආ ... රිදුනද මැණික ... තෝ මොකක්ද යකෝ ඒ කිව්ව කතාව ..."

" ඉතින් ඇත්තනේ ... මන් එනකොට දේව් අයියා උඹට හුස්ම දෙනවනේ ..."

යකෝ මේකී ආයෙමත් ඒක කිව්වනෙ ... මේකිට ලැජ්ජාවක් තියා ලැජ්ජාවක් කියලා නාමයක්වත් නෑ ... ඒ අස්සෙන් මේ නරියත් හිනා වෙනවා ... මට ආපු කේන්තියට මන් හැදුවෙ ලග තිබ්බ කොට්ටෙ යවන්න ..ඒත් මගේ අතින් කොට්ටෙ ඇදලා ගත්ත දේව් ...

ගේලීWhere stories live. Discover now