🌹 20 වන දිගහැරුම 🌹

139 19 70
                                    

ඒත් එක පාරටම ඇදිලා ගිය මාව හොද පාරක් වැදුනෙ මගේ කම්මුලට .... කම්මුලට දෑතත් තියන් මන් බැලුවේ මට ගැහුවෙ කව්ද කියලා ...  මට ගහපු ඒ රුව දැක්ක ගමන්  මගේ වත ගැහෙන්න ගත්තෙ ආපු කේන්තියට ... 😠😠

" තමුන්ට කොහෙන්ද මට අත උස්සන්න තරම් හයියක් ..."

මන් කෑ ගැහුවේ මන් දිහා බල්න් ඉන්න ජූලියාට ඇගිල්ල දික් කරලා ... මාව වෙව්ලනවා .. ඒත් මන් ඉවසුවා ... මොකද මන් ආවෙ රණ්ඩු වෙන්න නෙමේ ...

" උබට කොහෙන්ද හයියක් ... මගේ මමීට ඔහොම කතා කරන්න  ... ආ... ලැජ්ජ නැති එකී ... උබත් උබෙ අම්මා වගේ තමා ...  කුණු ගොඩක් ..."

නෑ ... මගේ ඉවසීමේ සීමාව පැන්න ... පාලනය කර ගන්න බැරි කේන්තියක් ඇති වෙද්දී මගේ අත නැවතුනේ ජූලියාගෙ කම්මුලේ 😠😠

" ලැජ්ජාව ?? තමුසෙලා වගේ උන්ට ඒකා කියන්නවත් පුලුවන්ද ?? අනුන්ගෙ සල්ලි වලින් ජීවත් වෙන උබලා වගේ ගෑණු කොහොමද යකෝ මගේ අම්මිට ඔහොම කියන්න තියා හිතුවේ 😠😠"

මම සද්දෙට අහද්දී කම්මුලට දෑතත් තියන් ජූලියා මගේ දිහා බැලුවෙ රවලා ... 😠😠 ඒ දෑස් වල තිබ්බේ මාව මරාගෙන කන්න වගේ කෝපයක් 😠

" උබ කොහොමද මට අත උස්සන්නේ ... "

සද්දෙට කියපු ජූලියා මට ගහන්න අත උස්සද්දී ඒ අත කරකවපු මමගෙල අල්ලන් හිර කලේ බිත්තියට 😠😠

අහ්හ්හ්හ්

" අතෑරපන් මාව ..."

ජූලියා දගලමින් කෑ ගහනවා ... ඒ මදිවට කැතලික් ආන්ටිත් මගේ අතේ එල්ලිලා ...

" අතෑරපන් මගේ කෙල්ලව ... යක්ෂණී ...අතෑරපන් ..."

මන් ආපු කේන්තියට තල්ලු කලේ කැතලික් ආන්ටිව විසික් වෙන්න

ගේලීWhere stories live. Discover now