කවදා කොහොම ඇති වෙනවද කියලා දන්නෙ නෑ ... සමහර වෙලාවට ඒ ආදරයමද කියලා වැටහීමකුත් නෑ ... වැටහුණත් පිළිගන්න සූදානමකුත් නෑ ... ආදරෙයි කියලා පිළිගත්තට පස්සෙ රැක ගන්න උවමනාවකුත් නෑ ... අන්තිමට ඒ ආදරය නැති වෙලා යනකනුත් අපි දන්නෙ නෑ ... ඊට පස්සෙ හිතට දැනෙන දුක කොච්චරද කියන්න ඒ ආදරයවත් දන්නෙ නෑ ...
දේව් සස්මික දිසානායක කියන කෙනාව රටක් අදුර ගත්තෙ සෙල්ලක්කාරයෙක් , බේබද්දෙක් , නපුරෙක් , දඩබ්බරයෙක් , අමුනුස්සයෙක් හැටිය 🥺 ඒත් ඒ කාටවත් බැරි උනා ඒ සෙල්ලක්කාරයා ඇතුලෙ ඉන්න මනුස්සයව දකින්න ... කොටින්ම එයාගෙ තාත්තටවත් ...
ඒත් ඒ දඩබ්බර , අහංකාර , සෙල්ලක්කාර ආදරේට මන් ලෝභ කරන තරමක් අනිත් අය දන්නවනම් කවදාවත්ම මනුස්සයෙක්ව පිටින් බලලා ජජ් කරන එකක් නෑ ...
" මොනාද බන් කල්පනා කරන්නේ ... "
බැල්කනි එකට වෙලා කල්පනාවෙ හිටපු මම පියවි සිහියට ආවේ මිතූගෙ කට හඩින් ...
" මුකුත් නෑ බන් ... "
ලොකු හුස්මක් පිට කරලා මන් කියද්දී මිතු හිනා උනේ කට කොනින් ....
" දේව්ව මතක් වෙනවා නේ ??? "
මිතූ අහද්දී මන් හිනා උනේ කට කොනින් ....
" මොකෝ උබ හිනා වෙන්නේ ?? "
" හිනා යන්නෙ නැද්ද බන් .... දේව්ව මතක් වෙන්න අමතක වෙන්න එපැයි බන් ... මේ හිත පුරාම දේව් විතරක් ඉන්නකොට කොහොමද බන් එයාව අමතක වෙන්නේ ??? මේ ගෙවිච්ච මාසෙට මට දේව්ව මතක් නොවිච්ච තත්පරයක් නෑ මිතූ ... "
මන් කිව්වෙ අහස දිහාම බලන් ....
" මන් දන්නවා බන් ... උබ කොච්චර හිනා වෙලා ඉන්න ට්‍රයි කලත් ඇතුලෙන් උබ අඩනවා .... මොන කෙල්ලද කැමතී බැදපු දවසෙම හස්බන්ඩ් රට යනවට ..."
මන් කලේ හිනා වෙච්ච එක ....
" ඒ ගමන් මොකෝ හිනා වෙන්නේ ??"
" මට ඒ ගැන ගානක් නෑ බන් ... මොකද එයා මගේ ලගින් ඉන්න ඕනී නෑ ... දුරින් හිටියත් මට එයා ලගින් වගේ දැනෙන්නෙ ... මොකද ඒ තරමටම අපි දෙන්නා ලන් වෙලා ඉන්නේ ... "