🚫chapter 26🚫

Start from the beginning
                                    

ඇරපු පොඩි දොරෙන් කරත්තෙන් එලියට බැස්සෙ ටේ.... රජ කාලෙ ඇදුමක් ඇදල හිටියත් එයාගෙ සේවකයෙක්ගෙ වගේ පෙනුමක් තිබුනෙ නෑ..... කුමාරයක් වගේ සේද ඇඳුමක් ඇදල හිටිය ටේගෙ පස්සෙන් නම්ජුන් බැස්ස. එයත් පරන කාලෙ ෆුල් සූට් එකක් ඇඳල හිටියා. නම්ජුන්ගෙ පස්සෙන් අන්තිමටම එලියට බැස්සෙ ජින්..... එයා රජ කාලෙ ඇදුමක් ඇදල හිටියා.... ටේ වගේ කලු තොප්පියක් දාගෙන නැතුව නලලෙ පටියක් බැදල තිබුන.

මම රවුමට කැරකි කැරකි කල්පනා කලේ මේ හැමෝම මේ කාලෙ ජීවත් උනාද කියල...... නිකන් අපේ අයව දාල ෆිල්ම් එකක් ගහල වගෙයි මට දැනෙන්නෙ.

" අපි මෙහෙම එක පාරටම ආවහම ඔයාගෙ සහෝදරය බය වෙයිද දන්නෙ නෑ...."
ටේමින් ඇහුවෙ කෙලින්ම ජින් දිහා බලල හරිම අමුතු විදිහට හිනා වෙලා.

වචනයක් වත් නොකියපු ජින් ඇස් දෙක පියාගෙන ලොකු හුස්මක් ගත්තෙ අහස දිහාවට මූන හරෝගෙන.

එක පාරටම ගේ ඇතුලෙ ඉදල සේවකයෙක් වගේ ඇදගත්ත කෙනෙක් එලියට දුවගෙන ආව..... ඒ මින් හෝ....... එයත් ඉන්නවද එතකොට......

"නෞරි........"
මින් හෝ දෙකට තුනට නැමිල ජින්ට ආචාර කලා......

"මගෙ අයියා ඉන්නවද......"
ජින් ඇහුවෙ නිකමටවත් මින් හෝ දිහා බලන්නෙ නැතුව......

"යේ නෞරි........."
මින් හෝ.........

"ඔයා විහිලු කරනවද  ගුම් ජුන්....... ඔයගෙ අබ්බගාත සහෝදරයා මේ ගෙදරින් පිට වෙන කොහෙ යන්නද.......?"
ජේක් ඇහුවෙ ජින්ගෙන්......

මින් හෝ ඇරෙන්න අනිත් හැමෝම ඒ කියපු දේට හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා.... තවත් ටිකක් වෙලා එලියට වෙලා ඉදලා හොබී ඇරෙන්න අනිත් හැමෝම ඇතුලට ගියා..... මමත් ඒ හැමෝගෙම පස්සෙන් ගියේ වෙන්නෙ මොකද්ද කියල දැනගන්න ඕනෙ උන නිසා.........

"මම නන් එන්නෙ නෑ.... ඕන එකක් ඉවර කරල එන්න..."
නම්ජුන් කකුලක් පිට කකුලක් දාගෙන ඇතුලෙ තිබුන පුටුවකින් වාඩි උනා.

අනිත් හැමෝම මේක තමන්ගෙ ගෙදර කියල හිතාන හැමතැනම ඇවිදින්න ගත්ත විදිහ නන් පොඩ්ඩක් වත් මට ඇල්ලුවෙ නෑ...... මොකක් උන ඉස්සරහට වෙන්න යන්නෙ හොද දෙයක් නෙමෙයි කියල මට ඉවෙන් වගේ දැනෙන්න ගත්තා....

Hanging Tree (Completed )Where stories live. Discover now