🚫 chapter 21🚫

Start from the beginning
                                    

.

.

.

.

.

.

.

.

.

.

හොඳට ෂීට් එක පෙරවගෙන නිදාගෙන හිටපු මට එකපාරටම ඇහුනෙ ගෑනු ලමයෙක් හිනාවෙන සද්දෙ.... ඒක සතුටින් හිනාවෙන ලමයෙක්ගෙ කටහඩක්. නිකමට අවුරුදු දොලහක දාහතරක විතර ලමයෙක්ගෙ කටහඬක්.... හීනෙන් වගේ ඇහුන හිනාවෙන සද්දෙත් එක්ක මම ඇහැරුනේ ගැස්සිලා ගිහින්. සනීපෙට නිදාගෙන හිටපු ඇඳේ වෙනුවට මම හිටියෙ කොල රොඩු ගොඩක් උඩ නිදාගෙන. ඇඟට වැටිල තිබුන තවත් කොල දෙක තුනක් ගසල දාල මම එහෙම්මම වාඩි උනේ ඉන්නෙ කොහෙද කියල හිතාගන්න බැරුව. මගෙ වටේටම තිබුනෙ මහ රූස්ස ගස්........... ඒවගෙන් වැටෙන කොල දිගටම මගේ ඇඟට වැටුන. ගස් අතරින් ඉර එලිය වැටෙන විදිහට හැමතැනක්ම පෙනුනෙ දිව්‍යලෝකයක් වගේ.... හරිම නිස්කලංකයි..... ඒ වගේම කියාගන්න බැරි ව්දිහෙ හිත නිවන හැඟීමක් හැමතැනම තිබුන..... මට ආපහු ඇහෙන්න ගත්තෙ ගෑනුලමයෙක් හිනාවෙන සද්දෙ.... මම හෙමිහිට නැගිටල ගස් අතරින් ඇවිදගෙන ගියේ ඒකටහඬ ඇහුන පැත්තට.

හැමතැනකම හුරුපු පුරුදු ගතියක් තිබුනත් ඇස් නිවන මේ තැන ගැන හිතේ ඇති උනේම ආසාවක්.... කලින් මම මෙතනට ඇවිත් තියෙනව....... ඒත් ......... මතක් වෙන්නෙ නෑ.......

රූස්ස ගස් මැද්දෙන් ඇවිදගෙන මම ඉස්සරහට ගියේ ඒ හිනාවෙන සද්දෙ හොයාගෙන. ටික දුරක් යද්දි මම දැක්කෙ දුර තියාම එක ගෑණු ලමයෙක් ඔන්චිල්ලාවක් පදිනව. ඒ වගේම තවත් ගෑනු ලමයෙක් ඒ ලඟටම වෙලා හිටගෙන ඉන්නව..... දෙන්නම හිටියෙ මට පිටිපස්ස හරවගෙන..... ඉතින් මම තවත් ටිකක් ලන් උනා.

ඔන්චිල්ලාව පදින ගෑනු ලමය හිටියෙ දිග දුඹුරු පාට ලේස් ගවුමක් ඇඳලා. ඒ ලඟම හිටගෙන හිටපු ගෑනු ලමය හිටියෙ ලා රතු පට හන්බොක් එකක් ඇදලා.... ඒ දෙන්නම හිටියෙ සතුටින්.... ටිකක් වෙලා ඔන්චිල්ලාව පැදපු ගෑනු ලමය ඔන්චිල්ලව හන්බොක් එකක් ඇඳගෙන හිටපු ගෑනුලමයට දීලා ගිහින් ඒ ලඟ තිබුන ගලක් උඩින් වාඩි උනා. දුඹුරු පාට ලේස් ගවුම ඇදගෙන හිටපු ලමය ඊලඟට කලේ ඒ ගල උඩ තියල තිබුන වයලින් එකක් අතට ගත්ත එක...... හන්බොක් එක ඇදගෙන හිටපු ලමය ඔන්චිල්ලාව පදින්න පටන් ගද්දි අනිත් ලමය වයලින් එක ගහන්න පටන් ගත්තා.....................

Hanging Tree (Completed )Where stories live. Discover now