👑 Chapter 3 👑

Start from the beginning
                                    

කැලේත් එහෙම්මම ටික දුරක් ගියාම ගල් වලින් හදපු දොරක් වගේ තියෙන තැනකටයි ආවේ. ඒක පහු කරලා යනකොට ආවේ හරියට නිකන් මාලිගාවක් වගේ තැනකට. කැලේ මැද්දේ මෙහෙම දෙයක් තියෙන එකත් පුදුමයි. අන්තිමට එක තැනක කාර් එක නැවතුණා.

මමයි අනිත් තුන් දෙනායි කාර් එකෙන් බැහැලා සූහිගේ ඔම්මත් එක්කම ඇතුලට ඇවිදගෙන ගියා. අන්තිමට කණ්ණාඩි දෙකක් දාපු සුට්ටක් තට්ටේ පෑදිච්ච අංකල් කෙනෙක්ගේ රූම් එකක තමා නැවතුණේ.

ලමායි.... මේ ඉන්නේ මෙහේ ප්‍රින්සිපල්.
වූජින් සර්.

💖 ඒ කියන්නේ මේකත් ඉස්කෝලයක් වගේද.

ඇත්තටම..... ඔව්.

ඒ පින්සිපල් කියන කෙනා මං දිහා බලාගෙනම කිව්වා.

වූජින්.... මේ තමා අපි අර කියපු කෙනා.
ආරා. මෙයා ගැන තමා අර කිව්ව විදියට ටිකක් සැලකිල්ලෙන් ඉන්න ඕනි.

සූහිගේ අම්මා මාව පෙන්න පෙන්න මොනවදෝ කියනවා. මට ඉතින් මේවා තේරෙන එකක්යැ. මට තේරෙන්නේ නෑ. ඇයි ඒ වැම්පයර් අංකල් මං දිහාම බලන් ඉන්නේ කියලා. කණ්ණාඩි දෙක යටින් බලනකොට ටිකක් බයත් හිතෙනවා. ඒත් මේ ආරා එහෙම බය වෙන කෙනෙක්ද.

හරි..... මං මෙයාලව හොඳට බලාගන්නම්.

ආහ්.... ඒවා නම් ඉතින් හඳේ තමා අංකල්. ඔයා ඔය අපි කට්ටියව බලා ගන්නම් කිව්වට වඩා හොඳයි ඩේ කෙයා එකකට ගිහින් පොඩි එවුන් ටිකක් බලා ගන්නම් කියලා කිව්වනම්.

බලමුකෝ අන්තිමට අපිව මෙහෙන් එලවන්නත් බැරි කමක් නෑ එයාටම එපා වෙලා. සමහරවිට මේ වැම්පයර් අංකල්ම මෙහෙ දාලා යන්න බැරි කමක් නෑ අපිව එපා වෙලා.

ඒත් එක්කම එතනට ආවේ ඔන්නි කෙනෙක්.

මෙයාලට කාමර අංක එකට එක්කගෙන යන්න. ඒ වගේම යන ගමන් හැම තැනක්ම පෙන්නගෙන යන්න.

එතනට ආපු ඔන්නි දිහා බලාගෙන එහෙම කියලා අපි දිහා බලලා

මෙයත් එක්ක යන්න. එයා ඔයාලව ඔයාලගේ කාමරේට එක්කගෙන යයි කියලා කිව්වා.

කට්ටියම සූහිගේ ඔම්මටත් යනවා කියලා අර ඔන්නිගේ පස්සෙන් ගෑටුවා.

You are my vampire queen | Completed |Where stories live. Discover now