❁Revenge?❁

366 103 31
                                    

"මොකද්ද ...??මමයි තමුන්ගෙන් අහන්න ඕන..තමුන් නිසා මගේ මුළු ජීවිතේම අපායක් වුණා ජිමින්...

දන්නවද...මම තමුන්ව මැරි කරේ තමුන්ට තියන ආදරේකට නෙමේ කියලා.. හහ්... "ජන්කුක් හයියෙන් හිනාවෙන ගමන් ජිමින් වැටිලා හිටපු තැනට ඇවිත් ජිමින්ගේ නිකටින් අල්ලලා තදින් මිරිකුවා...

"තමුන්...පාක් ජිමින්...තමුන් මට කරපුවා අමතක වෙලා කියලද හිතුවේ...නෑ..කොහෙත්ම නෑ...මම තමුන්ට වෛර කරනවා...තමුසෙ ෆාදර් ඉස්සරහා මාව පිළිගත්තේ ඇයි?? ඒකත් තමුන්ගේ තව ප්ලෑන් එකක්ද....ෂා...ජිමින්...මරු...."
ජන්කුක් ජිමින්ගේ නිකටින් තවත් තද කරලා අල්ල ගත්ත නිසා වේදනාවටම ජිමින්ගේ ඇස්වලින් කදුළු වැටෙන්න ගත්තා...

"අඬපන්...තව අඬපන්...මං විඳවපු විදියටම තමුනුත් විඳවපන්..."ජිමින්ගේ කොණ්ඩෙන් ඇඳලා එයාව ඇඳට තල්ලු කරපු ජන්කුක් රූම් එකේ ඩෝ එකත් ලොක් කරලා යන්න ගියා...

ජිමින්ට මේ හැමදේම හීනයක් වගේ...
ඉස්සර තමන්ට පණ වගේ ආදරේ කරපු ජන්කුක්...
අද එයාට වෛර කරනවා...
ජිමින්ට මේ වෙන කිසිම දෙයක් හිතා ගන්න බෑ..
ඉබේටම වගේ එයාගේ මතකේ දුවගෙන ගියේ අතීතෙට...

𝙻𝙾𝚅𝙴 𝙾𝚁 𝚁𝙴𝚅𝙴𝙽𝙶𝙴 |𝙹𝚒𝚔𝚘𝚘𝚔Where stories live. Discover now