අද යුනිවසිටි එකේ බැජ් පාටි එක...
එයාලයි බැජ් එකේ ටොප් ස්ටුඩන්ට් වුණේ ජන්කුක්...
ඒත් ජන්කුක් නම් කිසිම සතුටකින් නෙමේ හිටියේ..එයාගෙ ඔලුවෙ කැරකුණේ ජිමින් විතරමයි...එයා ජිමින් වෙනුවෙන් මොනවද නොකළේ?
හැමවෙලේම ජිමින්ගේ ළගින්ම ඉඳන් එයාව ආරක්ෂා කරා.පරිස්සම් කරා.ජිමින් යන යන තැන හෙවණැල්ලක් වගේ එයා ළඟින්ම හිටියා.ඒත් ජිමින්??අඩුම තරමේ එයා තමන්ව යාලුවෙක් ගාණටවත් පිළි නොගත්ත එක ගැන ජන්කුක්ට තමන් ගැනම ඇති වුණේ ලොකු දුකක් වගේම තරහක්.
ජන්කුක්ට නිරායාසයෙන් වගේ මතක් වුණේ ජිමින්ව දැක්ක මුල්ම දවස.එයාට ජිමින්ව පෙනුනේ හරියට දිව්‍ය ලෝකෙන් මෙහාට ආව දේව දූතයෙක් වගේ.යුනි එකට ආපු දවසේ ජිමින්ට කරදර කරන්න හදපු කොල්ලො රංචුවකට මතක හිටින විදියේ පාරවල් කිහිපයක්ම එල්ල කරන්නත් ජන්කුක් පසුබට වුණේ නෑ...
එදා ඉදන් ජන්කුක් ජිමින් ගැන පුළුවන් තරම් සැළකිලිමත් වුණා..හැමවෙලේම ජිමින්ගෙ හෙවණැල්ල වගේ එයා ළගින්ම හිටියා..ජිමින්ගෙන් ඉස්සරහා කිහිප වතාවක්ම තමන්ගෙ ආදරය ප්‍රකාශ කරත් ජිමින් එයාව ප්‍රතික්ශේප කරා..අඩු ගානෙ ජිමින් ජන්කුක්ට යාලුවෙක් විදියටවත් ළං වුණේ නෑ...
කෙල්ලෙක්ටවත් තමන්ගෙ හිත මේ තරම් බැදුණේ නෑ කියලා ජන්කුක් හොදාකාරවම දැනගෙන හිටියා..
ජන්කුක් මේ තරමට වද වුණේ ජිමින් ගැන විතරමයි...වෙන කිසි කෙනෙක් වෙනුවෙන් එයා මේ තරම් වදවෙලා නෑ...
ඒත් එකපාරටම කොහෙන්ද මතු වුණු ටේමින් කෙනෙක් තමන්ගෙ ඇස් ඉස්සරහම ජිමින්ට ටිකෙන් ටික ළං වෙනවා දකිද්දි ජන්කුක්ට දැනුනේ පුදුම තරහක් වගේම ඉරිසියාවක්..
අතීත සිද්දි එක්ක අතරමං වෙලා හිටපු ජන්කුක්ගෙ කම්මුල් දිගේ නිරායාසයෙන්ම වගේ කදුලු බිංදු එකදිගට ගලාගෙන යන්න පටන් ගත්තා....
ජන්කුක් අඬනවා??!
ඔව්...
කිසි කෙනෙක් වෙනුවෙන් ලේසියෙන් එක කදුළක්වත් හෙලන් නැති එයා අද අඬනවා...
ජන්කුක් අනිත් අය ඉස්සරහා එයාගෙ කදුළු හංගන්න පුළුවන් තරම් ඉක්මනින් වොශ් රූම් එක පැත්තට ඇදුනේ එක අතකින් තමන්ගෙ ඇස් දෙකත් පිහිදාන ගමන්මයි..
ඒත්.....
වොශ් රූම් එකට ඇතුල් වෙනවත් එක්කම සිද්ද වුණේ ඒ කදුළු තවත් අලුත් වෙන එක විතරයි....
ටේමින් පිස්සුවෙන් වගේ ජිමින්ව කිස් කරනවා!
"ජිමින්...ඔයා...."
ජන්කුක්ට තමන්ගෙ වටේට තිබුණු හැම දෙයක්ම කරකැවෙනවා වගේ දැනුනා....
"ජන්කුක්....ඉන්න...මාව දාලා යන්න එපා..."
ජිමින් පුළුවන් තරම් හයියෙන් අඬන ගමන් කෑ ගැහුවා...තමන් දැකපු දේ තාමත් විශ්වාස කරන්න බැරුව හිටපු ජන්කුක් ඇස්වල කදුළුත් පුරෝගෙන ටිකෙක් ටික පිටුපසට ඇදිලා ගියේ එතන වෙන දේවල් තවදුරටත් තමන්ට දරා ගන්න පුළුවන්කමක් නොතිබුණු නිසයි..
"ජන්කුක්......එපා.....මෙතන වුණේ වෙන දෙයක්...ඔයා හිතපු දේ...ඒක වැරදීමක්...."
ජිමින් පුළුවන් තරම් හයියෙන් කෑගැහුවත් එයාගෙ කටහඬවත් ජන්කුක්ට ඇහුනේ නෑ..ජන්කුක්ට කිසි දෙයක් ඇහුනේ නෑ...
කොටින්ම කිව්වොත් එයා ශොක් වෙලයි හිටියේ...
පුළුවන් තරම් වේගෙන් වොශ් රූම් එකෙන් එළියට ගිය ජන්කුක් කෙළින්ම ගියේ එයාගෙ කාර් එක පාක් කරලා තිබුණු තැනට...
ජන්කුක්ට මේ වෙලාවෙ වෙන කිසිම දෙයක් ගැන සිහියක් තිබුන්නෑ...එයාගෙ ඔලුවෙ කැරකුනේ ටේමින් ජිමින්ව කිස් කරපු විදිය විතරයි...
පුළුවන් තරම් වේගෙන් කාර් එක ඩ්‍රයිව් කරන් ගිහිපු ජන්කුක් කවුරුවත් නැති පාළු පාරක කෙළවරට වෙන්න අත ඇරලා දාලා තිබුණු ඒ පොඩි ගොඩනැගිල්ල හොයාගෙන ගියා...
එතන එයාට හුරුයි...
මොකද එතන තමන්ව වචනෙකින් හරි සනසන්න කිසි කෙනෙක් නෑ කියලා ජන්කුක් දන්නවා...
ගොඩනැගිල්ලට රිංගගගත්ත ජන්කුක් තමන්ගේ හැම දුකක්ම එතනදි පිට කරලා දැම්මා...
ඔව්...
එයා පුළුවන් තරම් හයියෙන් කෑ ගහලා අඬන්න ගත්තා...
___________________
මං ආවා ඔන්න...
මේ පාරනම් මං සෑහෙන්න පරක්කුයි හැබැයි🥲👍🏻
![](https://img.wattpad.com/cover/289325905-288-k418143.jpg)
YOU ARE READING
𝙻𝙾𝚅𝙴 𝙾𝚁 𝚁𝙴𝚅𝙴𝙽𝙶𝙴 |𝙹𝚒𝚔𝚘𝚘𝚔
FanfictionWhat will he choose?? Love Or Revenge?? If you want to know it, Read this.