❁Pain❁

370 106 23
                                    

කාමරේට ඇවිත් දොර වහගත්තු මම දොරට පිටුපාලා ඉඳහෙන කල්පනා කළේ අප්පා කියපු දේවල් ගැන... ඇත්තටම මාව එයාට වදයක්ද?? එයා කියපු හැම වචනයක්ම මගේ ඔළුවේ දෝංකාර දෙන්න ගත්තා..මට දැනුනා මගේ ඇස්වලින් එකදිගට කදුළු කඩන් වැටෙනවා..මට ඕනෙ වුණා හයියෙන් අඬන්න..පුළුවන් තරම් ඈතකට දුවලා යන්න..

ඉක්මනින් වොශ් රූම් එකට දුවගෙන ගිහිපු මං ශවර් එක යටට වෙලා ඇති වෙනකන් ඇඬුවා.අඬලා අඬලාම වොශ් රූම් එකෙන් එළියට ඇවිත් චේන්ජ් කරන්  කැටපතෙන් පේන මගේ රූපේ දිහා බැලුවා..

මට මතක් වුණේ මගේ ඔම්මාව...එයාගේ රූපෙමයි මට ලැබිලා තිබුණේ...එයා නිසා තමයි මට ලස්සන කියලා දෙයක් හරි ලැබුණේ...මං මට ගොඩක් වෛර කරා..කෙනෙක්ගේ ජීවිතේ සතුට කියලා දෙයක් නැති වුණාම තමන්ටම වෛර කර ගන්න එක පුදුමයක් නෙමෙයි...මේ විවාහයත් ඒ වගේ එකක්...අප්පා අඩු ගානේ මං මැරි කරන්න යන්නේ කවුද කියලවත් කිව්වේ නෑ..අඩු තරමේ නමවත්...

කැටපතෙන් පේන මගේ රූපෙට මං වෛර කරා...මිරර් එකට අතකුත් ගුළි කරලා ගහපු මං  දැනටමත් අතෙන් ගලන් යන ලේ දිහා බලන් ලාවට හිනා වුණා...

හැමෝටම ඕන මේකනෙ...මාව රිද්දන්න...

ලේ ගලන් යන අතත් එක්කම බිම දිගාවෙලා මං සෑහෙන වෙලාවක් ඇඬුවා...

මට මේ ජීවිතේ කිසිම සතුටක් නැද්ද??

ඇයි මාව කාටවත් තේරුම් ගන්න බැරි??

අනේ ඔම්මා.....
ඇයි ඔයා මාව දාලා ගියේ...
ඔයාට තිබුණා මාවත් අරන්ගෙනම යන්න...
මං තනිවෙලා ඔම්මා...
මට පාළුයි...


𝙻𝙾𝚅𝙴 𝙾𝚁 𝚁𝙴𝚅𝙴𝙽𝙶𝙴 |𝙹𝚒𝚔𝚘𝚘𝚔Where stories live. Discover now