❁A New Student❁

379 97 38
                                    

මේ විදියට දවස් ගත වුණා...ජන්කුක්ට ජිමින් නිසා පිස්සු හැදුන් නැති ටික විතරයි..ජිමින් කවදා හරි තමන්ව පිළිගන්නකන් වැඩේ අතාරින්නේ නෑ කියලා ජන්කුක් හිතා ගත්තා..ඒත් ඒ හැමදේම පොඩි කාලයක් ඇතුළත කණපිට හැරෙයි කියලා ජන්කුක් හීනෙකින්වත් හිතුවේ නෑ...

ජිමින්ට ජන්කුක්ව ප්‍රතික්ශේප කරන එක දැන් පුරුද්දකට ගිහින්..එයා දිගටම ජන්කුක්ව ප්‍රතික්ශේප කරා..ජන්කුක් එයාගේ ඉවසීමේ අන්තෙටම ගිහිල්ලයි හිටියේ...ජන්කුක්ගෙයි ජිමින්ගෙයි කතාව වෙනස් වෙන්නේ එයාලයි යුනි එකට අලුතෙන් ආව එක කොල්ලෙක් නිසා...එයා තමයි ටේමින්..

ටේමින් යුනි එකට ආපු  මුල්ම දවසෙ දේශන ශාලාවේ ඕන තරම් සීට් හිස් වෙලා තිබුණත් එයා කෙළින්ම ඇවිත් ඉඳගත්තේ ජිමින්ගේ සීට් එකට එහා පැත්තේ සීට් එකේ.ටේටත් ඒක එච්චර ඇල්ලුවේ නෑ..ජන්කුක් නම් ඒ දිහා බලන් හිටියේ පුදුම තරහකින්..

ටිකෙන් ටික ටේමින් ජිමින්ට ළං වුණා...ඒත් ඒ යාළුවෙක් විදියට විතරයි...ටේමින්ටත් යාලුවෝ හිටියේ නැති නිසා ජිමින් එයාගේ ළගින් ඉන්න තීරණය කරා...ඒත් ජිමින්ගේ හොඳම යාලුවා ටේහ්‍යුන් නම් ටේමින්ට පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ..

මෙහෙම දවස් ගත වෙලා ගියා...කාලෙත් එක්ක ටේමින් ජිමින්ගේ ළගම යාලුවෙක් වුණා..

ඒත් ජිමින් දැනන් හිටියේ නෑ එයාට වැරදුනේ අන්න එතනදි කියලා...

𝙻𝙾𝚅𝙴 𝙾𝚁 𝚁𝙴𝚅𝙴𝙽𝙶𝙴 |𝙹𝚒𝚔𝚘𝚘𝚔Where stories live. Discover now