Part 26

821 208 33
                                    

Yura pov

මන්  Miss.Min ටත් එක්ක රෑ කෑම හදන ගමන් හිටියේ. එකපාරටම මට call එකක් ආවා.

මන් save කරපු number එකකුත් නෙමෙයි. වැදගත් call එකක් ද කියලා දන්නේ නැති නිසා call එක answer කලා මන්.

"Hello...."

"Hello මේ Mrs.Park නේද? මන් Seoul national hospital එකෙන් කතා කරන්නේ. මේ වෙලාවේ අපේ patient  කෙනෙක් එයාගේ delivery එක කරන්න ලෑස්ති වෙනවා. එයාගේ guardian විදිහට Miss ගේ නම තමයි අපිට දීලා තියෙන්නේ"

"අහ් හරි මන් එන්නම් දැන්"

මන් call එකත් cut කරලා ඇඳන් හිටපු ඇඳුමෙන් ම Hospital එකට ගියා.

එයාලා කියපු ඒ Patient කවුද කියලා මට දැනගන්න ඕනි උනේ නෑ. මන් දන්නවා ඒ Sooya කියලා.

ගෙදරින් එළියට බැස්ස ගමන් මට taxi එකක් හම්බුනා. ඒ නිසා ඉක්මනට hospital එකට යන්න පුළුවන් උනා.

මන් hospital reception එකෙන් ඇහුවහම  Sooya ඉන්න තැන දැනගන්න පුළුවන් උනා.

මන් labor room එක ඉස්සරහට වෙලා ඉඳගෙන හිටියා. පැයක් විතර මන් ඉඳගෙන හිටියා. මන් ගොඩක් බයෙන් හිටියේ. හරියට මට බබා හම්බවෙනවා වගේ.

මෙතෙන්ට jimin ඇවිල්ලත් නෑ තාම. මට jimin ට call කරන්න පුළුවන්කම තිබුණත් මන් call කලේ නෑ. මොකද ඒක කරන්න ඕනි Sooya.

එකපාරට ම දොර ඇරගෙන Doctor කෙනෙක් එළියට ආවා.
මන් ඉඳගෙන හිටපු තැනින් නැගිට්ට උනේ ඉබෙටම.

"මේ ඇතුලේ ඉන්න අම්මාගේ භාරකාරයා ද?"

"ඔව් doctor ඒ මන්"

"Miss අම්මගේ තත්වේ භයානකයි. ඒ නිසා දරුවත් අනතුරේ. අපිට ඉක්මනට තීරණයක් ඕනි ඔයාගෙන්. දරුවද අම්මා ද?"

"Doctor දරුවා ව බේරගන්න"

මන් එහෙම කිව්වහම doctor ටිකක් පුදුම උනා. මන් එච්චර ඉක්මනට ඒ තීරණේ දුන්න නිසා.
ඒත් එක්කම මගෙන් papers වගයක් අත්සන් අරගෙන doctor ආයෙත් ඇතුලට ගියා.

මාව එතන පුටුවේ ඉන්ඳ උනා. මාව වෙව්ලනවා. මන් මනුස්සයෙක්ව මැරුව වගේ දැනෙන්නේ ඇයි මට. Sooya ඇයි ඔයා මාව මේවගේ අමාරු ප්‍රශ්නයක් මැද්දේ අතරමන් කලේ.

මට ඇඬෙනවා දැන් නම්. මට පුළුවන් වෙයිද Sooya ගේ බබාට හොඳ අම්මා කෙනෙක් වෙන්න. එයාව පරිස්සමට බලාගන්න.
Jimin මේවා දැනගත්තාම මොනවා කරයි ද?

From Hell To HeavenWhere stories live. Discover now