Part 21

850 209 49
                                    


Yura pov


"මන් කිව්වේ මට කතා කරන විදිහ හදාගන්න කියලා. ඒක මගේ වැඩ කරන තැන නිසා. උදෙත් මන් ඉවසුවා. ඒත් දැන්. ඇයි ආයෙත් එහෙම කලේ? අඩුම තරමේ msg එකක් දාන්න තිබ්බා නේද? ඔයා පොඩි ළමයෙක් නෙමෙයි නේ? මන් ඔයාව හෙව්ව තරම දන්නේ මම. මන් ඔයා ගැන හෙව්වට ඔයා මන් ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නෑනේ.
මේ marriage එක serious එකක් විදිහට මන් හිතන්න පටන් ගන්නකොට ඇයි ඔයා මෙහෙම කරන්නේ? ඔයාට ඕනි මගෙන් divorce වෙන්නද? ඉන්න මන් හෙට ම දෙන්නම්"

.........




මට මුකුත් හිතාගන්න බැරි උනා. මන් ගල් ගැහිලා වගේ එයා දිහා බලන් හිටියා.

එයත් මන් දිහා කේන්තියෙන් බලන් හිටියා.

එයා ඇත්තට ම මාව හෙව්වද? මන් ඒක ගැන එහෙම හිතුවේ නෑ. ඇයි මන් එච්චර මෝඩ? පොඩ්ඩක් හිතන්න තිබ්බ මට.

දන්නේ නැතුව මගේ ඇස් වලින් කඳුළු වැටුණා.

"කඳුළු පිහදාගන්නවා"

Jimin එහෙම කිව්වහම තමයි මට තේරුනේ මන් අඬනවා කියලා.

මන් ඉක්මනට කඳුළු පිහදාගත්තා. Jimin ගේ මුන දිහා බලන්න ඕනි උනත් බය නිසාම මන් බිම බලන් හිටියා.

ඒත් එක්කම jimin මාව kiss කරන්න පටන් ගත්තා. මන් shock උනා. Jimin ව ආපස්සට kiss කරන්නේ නැතුව බය වෙලා වගේ මන් ඉන්නකොට jimin මගේ අත එයාගේ බෙල්ල පිටිපස්සට යෙව්වා. ඊට පස්සේ එයාගේ අත් මගේ ඉන වටේ යවලා මාව ළඟට ගත්තා.

Kiss එක එන්න එන්නම උණුසුම් වෙද්දී මාත් එයාව ආපස්සට kiss කලා.  මාත් kiss කරනවා කියල තෙරුනාම Jimin kiss කරන ගමන් හිනා උනා කියලා මට තේරුණා.

Jimin මාව kiss කරන ගමන් මාව එයාගේ room එකට අරන් ගියා.

මාව ඇඳෙන් තියලා එයා කලින්ටත් වඩා වේගෙන් මාව kiss කරන්න ගත්තා.

එයා මගේ t shirt එකේ කොණකින් අල්ලලා ඒක ගලවන්න හදද්දී මට තේරුණා ඊළඟට වෙන්න යන දේ එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා.

මන් jimin ගේ අතින් අල්ලලා එයාව නතර කලා. එයා මගේ ඇස් දිහා බැලුවා. මන් එපා කියලා කියන්න වගේ ඔලුව දෙපැත්තට වැනුවා.

From Hell To HeavenWhere stories live. Discover now