Part 1

2.2K 254 21
                                    

2021.02.25
(3.30 pm)



"උඹ අයේ ඒවගේ වැරදි කරනවද?
කෝ උත්තර දෙනවා.

කට කැඩිලා ද? ගහපුවා මදිද?
ඇහේ එක කඳුලක් නෑ. ඒ තරම් උඹට දරාගන්න පුලුවන්ද?

කෝ උඹේ අර phone මගුල? දිපිය මෙහෙට.

උඹට phone ඕනි නෑ. යාළුවොත් ඕනි නෑ. යනවා දැන් මෙතනින් මගේ දැහැට නොපෙනී."

තාත්තා එකපාරටම එහෙම කිව්වහම මම කාමරේට දුවලා ගිහින් අදේ ඇල උනා.

ඒත් එක්කම ඇත පය රිදෙන්න ගත්තා. ගුටි කාපු තැන් රතු වෙලා දැවිල්ලයි.

තාත්තා ගහන වෙලාවේ කදුළු ආවේ නැති උනාට ඇදට ආපු ගමන් මට අඩන එක නතර කරගන්න බැරි උනා.

මන් Kim Yura. මගේ වයස අවුරුදු 20යි. මන් යුනිවර්සිටි එකේ පළවෙනි අවුරුද්දේ ඉන්නේ දැන්.

එහෙමයි කියලා වෙනසක් නෑ.අපේ තාත්තා මට තාම ගහනවා. සතෙක්ට වගේ.

පොඩි කාලෙදි මන් ගොඩක් ඉවසුවා. හිතුවා මන් ඇත්තටම වැරදි කියලා.

ඒත් ටික ටික ලොකු වෙද්දි මට තේරුණා මන් කරන වරදට වඩා ගොඩක් දඩුවම් මට දීලා කියලා.

මන් වැරද්දකට කියලා කළේ ඉස්කෝලෙ යන කාලෙ හොරෙන් tv බලපු එක වගේ දේවල් තමා.

මන් ඉගෙන ගන්නත් ගොඩක් දක්ෂ නෑ. ඉතින් ලකුණු අඩු උනාමත් මට ගුටි කන්න උනා.

අද මම ගුටි කෑවේ අම්මා එක්ක තර්ක කරන්න ගිහින්. මන් හිතුවා තාත්තා මගේ පැත්ත ගනී කියලා.

ඒත් මට වැරදුනා. ඒ එයාගේ wife. එයා ආදරේ කරන කෙනා. ඉතින් මන් කොච්චර හරි උනත් එයාට ඒක පේන්නේ නෑ.

මගේ අම්මා මට ගොඩක් වෙනස් කම් කරනවා. එයා නංගි ගැන විතරයි හොයන්නෙ.

ඉතින් කාලයක් යද්දී මට තේරුණා මට ඉන්නේ මන් විතරයි කියලා.

ඒ නිසා මන් කැම්පස් එකේ වැඩ ගොඩක් ආසාවෙන් කරනවා. මේ අපායෙන් බේරෙන්න තියන එක්ම ක්‍රමය එක නිසා.

ලස්සනට ජීවත් වෙන්න මමත් ආසයි. ඒත් දෛවය මට ඒකට ඉඩ දෙන්නේම නෑ. කවදාහරි දවසක් එයි මටත්  සතුටින් ඉන්න. එතකන් බලන් ඉන්නවා.

From Hell To HeavenWhere stories live. Discover now