Part 25

802 205 32
                                    

Jimin pov

Shopping කරලා ඉවර වෙලා මන් car එකට bags ටික දානකොට මට තේරුණා කවුරුහරි මන් දිහා බලන් ඉන්නවා කියලා. Doctor meet වෙන්න hospital එකට ගිය වෙලෙත් මට තේරුණා කවුරුහරි බලන් ඉන්නවා කියලා.

වටපිට බැලුවට එහෙම සැක හිතෙන කවුරුත් නෑ. ඒක මගේ හිතේ ඇතිවෙච්ච විකාර අදහසක් කියලා හිතලා මන් ඒක අමතක කරලා ගෙදර ගියා....





මන් Sooya ව හොඳට බලාගත්තා. එයා කන්න බොන්න  ආස දේවල් අරන් දුන්නා. ආස තැන් වලට එක්කන් ගියා. Sooya ට පුදුමයි මන් එයාව බලාගන්න නිසා. මොකද මෙහෙම දෙයක් උනේ අපේ උවමනාව නෙමෙයි.

ඒත් මන් තාත්තා කෙනෙක් වෙන්න යනවා කිව්වහම, sooya ගේ ඉස්සරහට ඇවිත් තියෙන බඩේ ඉන්නේ මගේ දරුවෙක් නේද කියලා මතක් වෙද්දි මන් කොහොමද Sooya ව මාගාරින්නේ? මගේ තාත්තා මාව එහෙම අමනුස්සයෙක් විදිහට හදලා නෑ.

ඒත් හැමවෙලේම හිතට වද දුන්න දෙයක් තිබුණා. ඒ yura. 
එයා තාමත් ගෙදර අවේ නෑ. Office එකට ආවෙත් නෑ.

එයා කවදහරි එයි කියලා මන් බලන් ඉන්නවා. Yura මාත් එක්ක කේන්තියෙන් ඇත්තේ. මන් එයාට දුන්න පොරොන්දුව කිසි හිතක් පපුවක් නැති විදිහට මන් ම කඩලා දාපු නිසා.

මන් දන්නවා මගේ වැරද්දේ බරපතල කම. ඒත් මේ ප්‍රශ්නෙ විසඳ ගන්න Yura එක්ක මන් කතා කරන්න ඕනි. එයා මාව මාගැරියා කියලා මේ ප්‍රශ්නෙ විසඳෙන්නේ නෑනේ.







Yura pov

හරිම පාළුයි. දවස් ගානකින් jimin ව දැක්කේ නෑ. ඇත්තටම කිව්වොත් ළඟට දැක්කේ නෑ.

මන් Sooya Jimin එක්ක යන තැන් බලන් හිටියා පුළුවන් වෙලාවට.

මට ඇත්තටම එහෙම දෙයක් කරන්න හිතුනේ නෑ. ඒත් එදා මන් මගේ බෙහෙත් ටික අලුත් කරගන්න hospital ගිය දවසේ මන් දැක්කා Jimin ගේ අතේ එල්ලිලා ඉන්න Sooya ව.

මට ඉරිසියා හිතුනා ටිකක්. මොකද මන් ඒවගේ jimin ගේ අතින් අල්ලන් ඇවිදලා නෑ.

එදා ඉඳන් එයාලා යන තැන් වලට පුළුවන් වෙලාවට මාත් ගියා. Jimin යන තැන් ගැන Miss.Min ට කියලා යන නිසා මට  ලේසියෙන්ම එයාලා ඉන්නේ කොහෙද කියලා දැනගන්න පුළුවන් උනා.

From Hell To HeavenWhere stories live. Discover now