Part 19

823 205 42
                                    

Jimin pov

Yura මගේ company එකේ වැඩ කරන්න එනවා කිව්වහම කකා හිටපු කෑම ටිකත් හිර උනා.

ඒකෙත් හොඳම විහිළුව තමයි ඒ මගේ company එක කියලා මතක නැති එක.

Lap එක දිගැරගෙන වැඩ කරන්න හිතන් හිටියට මේ සිද්දිය මතක් උනාම කරන දේවල් අමතක වෙනවා.
මොනවා උනත් කාලෙකට පස්සේ හොඳට හිනා උනා මන්.

Next day morning

Jimin pov

Room එකේ දොරට තට්ටු කරන සද්දෙ නිසා මාව ඇහැරුනා.
වෙනදටනම් alarm එකට නැගිටින්නේ මන්.

ඒත් අද... අහ්.....
මන් දොර අරින්න කලින් phone එකෙන් වේලාව බැලුවා.

උදේ 7.30..

අනේ දෙවියනේ තව ගොඩක් වෙලා තියේ නේ. කවුද උදේ පාන්දර වද දෙන්නේ?

කේන්තියෙන් ම ගිහින් මන් දොර ඇරියම දැක්කේ yura ව.

"ඇයි මේ උදේ පාන්දර?"

වෙනදට yura මට කතා කරන්නේ නෑනේ මෙහෙම. ඒ නිසා මන් එහෙම ඇහුවේ.

"Jimin අද මන් වැඩට යන පළවෙනි දවස. ඔයා මාව ගෙනිහින් දානවද? නැත්නම් මන් යන්න ද?"

"මන් ඊයේ කිව්වනේ ඔයාව එක්කන් යනවා කියලා. එක්කන් යන්නම් මන්"

"ඔයා දැන් ම යන්නේ නැද්ද?"

"අහ් තව වෙලා තියෙනවා නේ. මන් තව ටිකක් නිදාගෙන ඉඳලා එන්නම්"

මන් එහෙම කියලා දොර වහලා ඇවිත් අයේ නිදාගත්තා.

Yura pov

Jimin එනකන් හිටියොත් මට පරක්කු වෙනවා. අද පළවෙනි දවස නිසා ඉක්මනට යන්න ඕනි.

මන් එහෙම හිතලා ගෙදරින් පිටත් උනා.
Taxi එකේ driver ඒ company එක තියන තැන දන්නවා කිව්වා නිසා හොඳයි. නැත්නම් හොය හොය ඉන්න වෙනවා.

මන් company එක ඉස්සරහින් taxi එකෙන් බැහැලා driver ට සල්ලිත් දීලා හොඳ හුස්මක් අරන් දකුණු කකුල පෙරට තියලා ඇතුලට ගියා.

වැඩි දුරක් නම් යන්න හම්බුනේ නෑ ඒ ගැම්මෙන්.

"Miss කොහෙද යන්නේ?"

තඩි ඇඟපතක් තියෙන යෝධයෙක් වගේ මනුස්සයෙක් මගෙන් ඇහුවා.

"අහ් මන් මේ අද අලුතෙන් වැඩට ආවේ"

From Hell To HeavenWhere stories live. Discover now