Part 17

842 207 39
                                    

"ඔයාට තව තෑග්ගක් තියෙනවා".

එහෙම කියලා jimin මාව මන් පාඩම් කරන්න ලෑස්ති කරගත්ත room එකට එක්කන් ගියා.

ඒක දක්කහම සතුටු වෙන්නද දුක් වෙන්නද ඕනි කියලා මට හිතාගන්න බෑ....

ඒ කාමරේ ලස්සනයි. අලුතෙන් ඇඳක්, පොඩි sofa එකක්, cupboard එකක්, මගේ පොත් තියන්න රාක්කයක් වගේ හැමදේම room එකේ තිබ්බා.

මගේ බඩු හැම එකක්ම පිළිවෙලට තියලා.

මට ගොඩක් සතුටු හිතුනා.

ඒත්......

Jimin එක්ක මට එකම room එකේ ඉන්න වෙන්නේ නැති නිසා මට ගොඩක් දුක හිතුනා.

දැන් මොනවා කරන්නද ඉතින්. මොනවා උනත් මට ඕනි කරපු නිදහස මට දැන් තියේ නේ.

"ඔයා කැමති ද මේකට?"

Jimin එහෙම ඇහුවහම තමා මට මතක් උනේ මන් jimin ට thank you කිව්වෙත් නෑනේ කියලා.

"ඔව් jimin. මන් ගොඩක් කැමති. Thank you so much"

මන් jimin දිහා බලලා හිනා වෙලා එහෙම කිව්වා.

"කොයි වෙලෙද ඔයා මේවා ලෑස්ති කළේ?"

මන් එහෙම ඇහුවා මොකද එයාට මෙච්චර දෙයක් තනියම කරන්න වෙලාවක් තිබුනේ නැති නිසා. එයා hospital එකේ මන් ළඟනේ හිටියේ.

"Magic"

"විහිළු නෙමෙයි jimin"

"ම්ම්ම් මගේ යාළුවෝ දෙන්නෙක් මට උදව් කලේ"

"අහ්..... ලස්සනයි දැන් room එක"

"එකනම් ඇත්ත. හරි එහෙනම් ඔයා rest කරන්න අද හොඳට. ඕනි දෙයක් තියේනම් maids ලා ඉන්නවා නැත්නම් මට call කරන්න. අහ් තව දෙයක්. වෙලාවට බෙහෙත් බොන්න ඕනි මතක් කරලා".

"අහ් හරි"

"ඔයා කොහේ හරි යනවද?"

"මන් company එකක CEO කෙනෙක් කියලා අමතක උනාද ඔයාට මෙච්චර ඉක්මනට?"

" අහ් sorry... ඒත් ඔයා ඇඳුම් මාරු කරගෙන ගියොත් නේද හොඳ?"

"අහ් ඔව්. මට අමතක උනා"

Jimin එයාගේ room එකට ගියා.
මන් room එකේ තියන දේවල් දිහා බල බල ඉන්නකොට මතක් උනා jimin ට කන්න දෙයක් හදන්න ඕනි නේද කියලා.

From Hell To HeavenWhere stories live. Discover now