Part 5

910 224 55
                                    

මන් ඇදට වෙලා නිදි වගේ හිටියා.

ටික වෙලාවකින් මගේ මුන kiss කරනවා වගේ තේරුණා.......

ඒත් ඒ kiss එක ටිකක් අමුතුයි.
මාව ලෙවකනවා වගෙයි මට තේරුනේ.

මන් ඉතින් ඇස් දෙක ඇරලා බැලුවා Jimin මොකද්ද මේ කරන්නේ කියලා...

"අහ්හ්---------"

ගොඩක් හයියෙන් නොවුනත් මන් ටිකක් හයියෙන් කෑගහුවා බය උන නිසා. ඒත් එක්කම මන් අතින් කට වහගත්තා. එතන හිටියේ  Jimin නම් නෙමෙයි.

හිනෙකින්වත් හිතපු කෙනෙක් නෙමෙයි.

එතන හිටියේ බල්ලෙක්. ලා දුඹුරු පාට බල්ලෙක්....

ඌ එකපාරටම ඇදට ඇවිත් මාව ලෙව කන්න ගත්තා.

මන් කලින් බල්ලෙක් අල්ලලා වත් නෑ ඇත්තට ම. මගේ තාත්තා යි අම්මයි ආස නැති නිසා අපේ ගෙදර බල්ලෝ ඇති කළේ නෑ. අඩුම තරමේ පුසෙක්වත් නෑ.

ඉතින් මේ මහා රෑ මේ බල්ලව දක්කහම මන් ටිකක් බය උනා.
ඒත් ඌ මාව හපන්න හැදුවේ නැති නිසා මන් එච්චර බය උනේ නෑ.

ටික වෙලාවක් බල්ලා එක්ක සෙල්ලම් කරලා මන් බල්ලවත් ළඟ තියාගෙන නිදාගත්තා.

එයාගේ නම Buddy. හරිම හොඳ බල්ලෙක්. මන් හිතුවේ නෑ Jimin බල්ලෙක් ඇති කරනවා කියලා.

ඒකත් හොඳයි මට කතා කරන්න කෙනෙක් ඉන්නවනේ දැන්.

Next day

05.am

කැම්පස් යන්න ඕනි නිසා මන් උදෙන්ම නැගිට්ටා.
මන් නැගිටිනකොට buddy නම් මන් ළඟ හිටියේ නෑ. Jimin ඇවිල්ලා හිටියෙත් නෑ.

මන් හිමින් සැරේ living room එකට ගිහින් බලද්දී තාමත් lap එක on. ඒත් ජීමින් ට නින්ද ගිහින්.

මන් ටිකක් ලං වෙලා බැලුවා එය මන් හදපු coffee එක බීලද කියලා..

ඔව් ඒක එයා බීලා. මට ගොඩක් සතුටු හිතුනා. මන් හදපු දෙයක් ජීමින් බීපු පළවෙනි පාර ඒ.

පොඩ්ඩක් ඉන්න. එතකොටම මට මතක් උනා. Jimin අම්මා උයන ඒවා විතරයි කන්නේ කියලා.

ඒ වෙලාවෙම මට jimin ගේ අම්මගෙන් call එකක් අවා. මගේ phone එකට නෙමෙයි. Bedroom එකේ thibba Land line එකට තමයි call කලේ.

From Hell To HeavenTahanan ng mga kuwento. Tumuklas ngayon