Part 2

972 229 16
                                    

"කියන්න Yura.. ඔයා ඒකට කැමතිද?

"මන්............මන් එකට කැමති නෑ".

බයෙන් බයෙන් උනත් ඇත්ත මන් කිව්වා. එයාට ඒක සරල දෙයක් උනාට මට එහෙම නෙමෙයි. ඉතින් මන් ඇත්තම  කියලා දැම්මා.

"Hmm හරි කමක් නෑ"

සද්දෙට ලොකු හුස්මක් පිට කරපු jimin car එකේ බැක් seat එකේ තිබ්බ බාස්කට් එකක් ගත්තා.
මන් දිහා බලලා ලස්සන හිනවක් දැම්මා.

" Marry කරන්න අකමැති උනාට කමක් නෑ එන්න කෑම කන්න. මන් ඔයාගේ තාත්තා ට කිව්වේ අපි dinner එකට යනවා කියලා"

එහෙම කියලා jimin beach එකේ තිබ්බ බංකුවකින් වාඩි වෙලා මටත් එන්න කියලා අතින් කිව්වා.

මේ වෙලේ තියන දෙයක් කෑවේ නැත්නම් ගෙදර ගිහින් ඉන්න වෙන්නේ බඩගින්නෙ. ඊට වඩා හොඳයි දෙන දෙයක් කාලා ඉන්නවා.

"මෙන්න ඔයාට"

Jimin මට වෙනම පොඩි lunch box එකක් දුන්නා. එයත් වෙන lunch box එකක් දිගැර ගෙන කන්න පටන් ගත්තා.

" මන් මෙහෙම කෑම ගෙනාපු එක ඔයාට ප්‍රශ්නයක් නෙමෙයි ද?" 

මන් දිහා බලන ගමන් jimin එහෙම ඇහුවා.

"ඒක මට ප්‍රශ්නයක් නම් නෙමෙයි. ඒත් ටිකක් පුදුමයි"

මට එයා ඉස්සරහා කතා කරද්දී awkward feeling එකක් අවේ නෑ ඉතින් මන් සාමාන්‍ය විදිහට යාලුවෙක්ට කතා කරන විදිහටම කතා කලා.

" මන් ගොඩක් කැමති අම්මා හදන කෑම කන්න. මන් කඩවල් වලින් කන්නේම නැති තරම්. අම්මත් ඉතින් ආසාවෙන් හදලා දෙන නිසා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හිතුනා ඔයත් කැමති වෙයි කියලා. ඒකයි ඔයටත් ගෙනාවේ"

මන් දිහා බලාගෙනම එයා එහෙම කිව්වා.

" කෑම හරිම රසයි. කඩවල් වලින් කන්න හේතුවක් නෑනේ මෙහෙම රසට කෑම අම්මා හදලා දෙනකොට"

එතනින් එහාට දෙන්නාගෙන් කවුරුත් කතා කළේ නෑ.

දෙන්නම කාලා ඉවර වෙලා ආයෙත් එන්න පිටත් උනා.

"Yura.... Yura... නැගිටින්න"

"අහ් සොරි. මට නින්ද ගියා"

මන් jimin ට thanks කරලා ගේ ඇතුලට අවා. මන් එනකොට තාත්තා අම්මා එක්ක සෝෆා එකට වෙලා මන් එනකන් ඉන්නවා.
මන් එයාලව දැක්කේ නෑ වගේ මගේ room එකට යන්න හැදුවත් ඒක කරගන්න හම්බුනේ නෑ.

From Hell To HeavenWhere stories live. Discover now