16th Chapter 💥

1K 290 46
                                    

ජින්ව ඇරෙස්ට් කරත් ප්‍රශ්න කිරීම් වලදී කිසි කටඋත්තරයක් නොදුන්න නිසා ජේල් එකට දාලා පහුවදා කෙලින්ම උසාවියට එක්කන් යන්න සිද්ද වුනා.. වසර ගානක පැහැරගැනීම් සම්බන්ධව හොයපු අපරාධකාරයා කිම් සොක්ජින් කියන එක මුලු සෝල් පුරාව පැතිරෙද්දී එදා දවසේ මාතෘකාව වුනේ ඒ ගැනයි... සියලුම සාක්ෂි  සෘජුවම  ජින්ට විරුද්ධව තිබුන නිසා තවත් ඒ ගැන පරීක්ෂණ කර කර කාලේ කා දැමීමට ජන්ග්කුක්ගේ හෙඩ් කැමති වුනේ නැහෑ... ඒ නිසා සියලු සාක්ෂි සාදධක එක්ක ජින්ව උසාවියට ඉදිරිපත් කරන්න ජන්ග්කුක් අවසානයේ තීරණය කලා... නමුත් මේ වෙනකම් විසදුන් නැති එක දෙයක් තිබ්බ.. අවුරුදු 4ක් පුරාවට අතුරුදහන් වුන ගෑණු ළමයි කෝ .?.. ඒ අය ජීවතුන් අතරද ?.. මැරිලද .?.. ඒ කිසි දෙයක් ජින් හෙලි කලේ නැහෑ....

එදා දවස ජන්ග්කුක්ට ඉතාම තීරණාත්මක දවසක් වුනා.. ජිමින් එයාගේ හොදම යාලුවා තමන්ගේ ආදරේ වගේම තමන්ගේ සහොදරයාගේ ආදරේ උදුරගත්තයි කියන එක විශ්වාස කරන්න අකමැති වුනත් ඒ දේ බලෙන් හරි ජිමින්ට එයාගේ හිතට තේරුම් කරවන්න වුනා... හේමී හිටියේ ජන්ග්කුක් ගැන දුකෙන්.. එක අතකින් එයාගේ පළවෙනි ආදරේ.. අනිත් අතින් හ්යොන්ග්ගේ ආදරේ.. ඒ වගේම තමගේ පොඩි කාලේ ඉදන් හිටිය යාලුවා.. ඊටත් වඩා මේ හැමදේම කලේ තමන්ගේ හ්යොන්ග් වගේ තමන් ආදරේ කළ ගරු කළ කෙනා කියන එක ජන්ග්කුක් හිතේ තියන් විදවද්දී හේමී පිටට නොපෙන්නුවත් හිත ඇතුලෙන් ඒ ගැන දුක් වුනා..

" ජන්ග්කුක් .. මැණික අහන්නකෝ.. අද මොනවා වුනත් ඒ දේවල් ඉවසන් ඉන්නවා කියලා මට පොරොන්දු වෙන්න.. "

හේමී කීවේ ලෑස්ති වෙවී හිටිය ජන්ග්කුක් ලගට ගිහින්.. ජන්ග්කුක් ටී ශර්ට් එක අදින ගමන් හිටියේ බිම බලාගෙන මැලවුන මූණකින්.. ඒ මූණේ කිසි හැගීමක් තිබ්බේ නැහෑ...

" ම්ම්ම්ම් "

ජන්ග්කුක් කිසි වචයක් කතා කලේ නැහෑ.. ජින්ව ඇරෙස්ට් කල වෙලේ ඉදන් ජන්ග්කුක් හිටියේ එහෙමයි... ගෙදර ඇවිල්ලත් ජන්ග්කුක් හේමී එක්ක තියා ජිමින් එක්කවත් කතා කලේ නැහෑ.. හේමී ජන්ග්කුක් ලගට යන්න හැදුවත් ජිමින් හේමීව නැවැත්තුවේ මේ වෙලාවේ ජන්ග්කුක් එයාගේ හිත තනියෙන් ඉදන්ම හදා ගන්න ඕනේ නිසයි.... ඒත් හේමීට ඉවසන් ඉන්න බැරිම තැන ජන්ග්කුක් ලගට ආවේ ඒක ජන්ග්කුක්ට ටිකක් හරි සහනයක් වෙයි කියලයි....

ANYTHING WRONG  ⁉️️🚫( Completed  ) Where stories live. Discover now