12th Chapter 💥

1K 279 65
                                    

බෙල් එක ගහලා තත්පරයක් ගියේ නෑ හේමී එක පාරට දොර ඇරලා බලනවත් එක්කම ජන්ග්කුක්ගේ වැහිලා තිබ්බ කට ඉබේටම ඇරුණේ හේමීව දැකලයි....

" යා තමුන්?"

" ජන්ග්කුක් ... 😋.. ".

" තමුසේ කනවද ? 😑 "

" දේ.. 😋.. ඕනෙද කෑල්ලක් ? "

හේමී කටම පුරවන් තඩි බර්ගර් එකක් ගිලිනවා.. ඒ මදිවට ඒක ජන්ග්කුක්ට දික් කරලා ඕනේද කියලත් අහනවා.. ජන්ග්කුක්ට හිනා යන්න ආවත් ඒක පෙන්වන් නැතුව එපා කියලා ගේ ඇතුලට ගියා..

" හිතුවට වඩා පිළිවලයි... මේක වෙන්න බැරි දෙයක්නේ.. 🤨 "

ජන්ග්කුක්  කීවේ කාමරේ වටේම කැරකිලා හොදට බලන ගමන් ගෙනාව කෑම ටික කාමරේ මැද්දේ තිබ්බ පොඩි ස්ටූල් එකක් උඩ තියන ගමන්....

" හී 😁.... මං එහෙම තමයි...  දන්නෝනේ ඉතින් මගේ වැඩ.. "

හේමී හොරෙන් වටේම බලන ගමන් කටේ කෑමත් පුරවන් දත් තිස් දෙකම පේන්න හිනා වෙලා ජන්ග්කුක් හිටිය තැනට ඇවිත් හිට ගත්තා....

" මේවා මටද.. ? 🙂 "

හේමී ඇහුවේ පීසා එකට ඇගිල්ලක් දික් කරන ගමන්...

" අනී.. 😒 මං මේ ගෙදර යන ගමන් මට කන්න ගත්තේ.. වාහනේ දාලා එන්න බැරි නිසා අරන් ආවේ... "

" ම්ම්ම් 😒 "

" ඕක කාලා ඉවර වෙන්න.. මේක ගෙනාවේ ඔයාට තමයි 😒 "

ජන්ග්කුක්  කීවේ කාමරේ තිබ්බ පොඩි සෝෆා එකකින් වාඩි වෙන ගමන්....ඒ එක්කම හේමී..

" අන්දේව්ව්ව්ව් .. 😳 "

" ඔහ්.. මේ මොකද්ද ? "

ජන්ග්කුක් ඉදගත්ත සෝෆා එකේ ඉද ගද්දින ඒක පහළට එබෙන් නැතුව තිබ්බ නිසා ජන්ග්කුක්  කුශන් එක පොඩ්ඩ්ක් උස්සලා බැලුවා....

" 😑😑😑 හේමී... "

" හී මියාන් 😁 "

කෙල්ල ජන්ග්කුක් එනවා කීව ගමන් කාමරේ තැන තැන තිබ්බ ඔක්කොම ඇදුම් කෑලී ටික එක්කහු කරලා සෝෆා එකේ කුශන් අස්සට ඔබලා තිබ්බා..

Jungkook Pov...

" මං හේමීට ආදරේ ඇයි කියන්න මාත් දන් නෑ.. හැම වෙලේම මෙහෙමයි. කිසි පිළිවෙලක් නෑ පිස්සෙක් වගේ.. ඒත් ඒ කෙල්ලට පුලුවන් වුනා මගේ හිතේ තිබ්බ වේදනාවල් අමතක කරන්න.. මට අලුත් පනක් දෙන්න.. ඇත්තටම මට හේමීව මුලදි පෙන්වන්න බැරි වුනා.. ඒත් ඒකම මගේ හිතේ ආදරයක් ඇති කලා... හේමී කියන්නේ සුන්හීගේ සම්පූර්ණ අනිත් පැත්ත.. සුන්හී එක්ක  ඒකාකාරීව ගෙවුන මගේ ජීවිතේ හේමී වෙනස් කලා.. හිනා වෙන්න කියලා දුන්නා.. මං හේමීට ආසත් ඒකයි.. එයා විවෘතයි... එයා කෙලින් කතා කරන කෙනෙක්.. බොරුවට මේක් අප් උලන් බොරු ශෝ දාන කෙල්ලෝ අතරේ හේමී කියන්නේ සරල සාමාන්‍ය ඒත් හුරුබුහුටි කෙල්ලෙක්.. මේ කෙල්ල දැන් මගේ නේද කියලා හිතෙද්දී මගේ හිතට අමුතු හැගීමක් දැනෙනවා.. ඒත් මේ ආදරේටත් බාධාවක් එයිද ?.. නෑ.. මං ඒකට කීයටවත් ඉඩ තියන් නෑ... මං මේ ජොබ් එක තෝර ගත්තේ සුන්හී නිසා... ඒත් මේක ඉවර වෙන්නේ හේමී එක්ක සුන්හීට සාදාරණයක් ඉෂ්ට කරලා.. "

ANYTHING WRONG  ⁉️️🚫( Completed  ) Where stories live. Discover now