8th Chapter 💥

1K 292 138
                                    

🍃🍃🍃🍃🍃🍃🍃

දවස් දෙක තුනක් කිසි වෙනසක් නැතුව ගෙවිලා ගියා.. එදා වුන සිද්දියෙන් පස්සේ ජන්ග්කුක් හේමීට මූණ  දුන්නේ නැති තරම්..ජන්ග්කුක්ගේ මේ හැසිරීම හේමීගේ හිතට දුකක් ගෙනාවත් ඒ ගැන අහන්න තරම් හේමීගේ හිත හයිය නැති වුනා.. ජිමින් වැඩ එක්ක බිසී වුන නිසාත් මේ දෙන්නගේ මේ වෙනස ගැන එයාට වැඩිය තේරුණේ නැහෑ...ඒත් ජන්ග්කුක් නිසා එදා හේමීගේ බෙල්ලේ තිබ්බ මාර්ක් කෙල්ලට ජිමින් ඉස්සරහා හන්ගන්න ලොකු වෙහෙසක් දරන්න වුනා...

" ( ඇයි ජන්ග්කුක් මුකුත් නොවුන ගානට ඉන්නේ... 😖 අඩුම ගානේ එයාට මං හොදින්ද කියලා හරි බලන්න තිබ්බා 😢 )"

හේමී හැමදාම කලේ රෑට ඇදේ වකුටු වෙලා අඩපු එක.. ඒ ඇත්තටම හේමී ජන්ග්කුක් ගැන හිතන නිසාද ?  එහෙම නැත්නම් එදා වුන දේ නිසා කෙල්ලට ජන්ග්කුක් ගැන ආකර්ෂණයක් ඇති වෙලාද... ?... හිත් කියන්නේ එහෙමයි. අපි ආස නැතත් සමහර වෙලාවට ඒ දේවල් අපිට ඕන වෙනවා.. ඒ තව කෙනෙක්ට දෙන්න ලෝභ කමක් නිසා වෙන්න පුලුවන්.. ජන්ග්කුක් එයා ලග නැති කෙනෙක් ගැන හොයන්න මහන්සි වෙද්දී හේමීට දැනුනෙත් එහෙම හැගීමක්..

හැමදාම වගේ බ්‍රෙක්ෆස්ට් එක ගන්න හේමී ජිමින් එක්ක ඩයිනින් ටේබල් එකේ වාඩි වෙලා මූණ එල්ලන් ඉද්දී ජිමින් කෑම ටික තියලා හේමී ලගින් වාඩි වුනා...

" හේමීයා. ඇයි කුකී ආයේ බැන්නද ?... "

" ආ... 😳 ආ අනී.. "

" එහෙනම් ඇයි මේ.. ආඅ ඔයා කොහේ හරි යනවද ? "

" ආ මේ...."

" හ්යොන්ග් මං යනවා.. "

හේමීට එයා කියන්න ගිය කියන්න කලින් ජන්ග්කුක් ජිමින් ලගට ඇවිත් ටේබල් එකේ තිබ්බ පාන් කෑල්ලක් අරන් කටේ ඔබන් ජූස් වීදුරුවක් උගුරට දෙකට බිලා යන්න හැදුවා...

" කුකී හරියට කාලා යන්න... "

" බෑ හ්යොන්ග්  මට වැඩ වගයක් තියෙනවා... "

" දේ.. පරිස්සමෙන් ... "

" දේ හ්යොන්ග් .. ඔයත් පරිස්සමෙන් ... "

හේමී ජන්ග්කුක් දිහා බලාගෙන හිටියත් ජන්ග්කුක්  ඒක ගානකට නොගෙන යන්න ගියා...

ANYTHING WRONG  ⁉️️🚫( Completed  ) Where stories live. Discover now